BREAKING NEWS
Search

ඔරලෝසුවේ කටු කරකවලා හොරණ අයවැය පාස් කරගෙන – විපක්ෂයෙන් චෝදනා

114

හොරණ නගර සභාවේ අයවැය දෙවනවර කියවිමේ විවාදය ඊයේ (23) දිනයේ එහි සභාපති අනිල් ඉන්දික මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබුණා.

එහිදි විපක්ෂයේ සහභාගිත්වයෙන් තොරව පාලක පක්ෂය වන ජාතික ජනබලවේගයේ සහභාගිත්වයෙන් පමණක් අයවැය සම්මත කර ගත්බවට විපක්ෂයේ මන්ත්‍රිවරුන් චෝදනා කරනවා.

පෙරවරු 10.00ට ඡන්ද විමසිම ආරම්භකිරිමට තිබුණත් විනාඩි පහකට පෙර (09.55) සංශෝධිත අයවැය සභාවට ඉදිරිපත් කරමින් පාලක පක්ෂයේ සභිකයින් 6දෙනා පමණක් එක්ව අයවැය සම්මත කරගෙන පිරිස සභාවෙන් පිටව ගොස් ඇති බවට විපක්ෂය චෝදනා කරනවා.

පසුව මෙම ඔරලෝසුවේ වේලාව වංචනික අයුරින් වෙනස් කර ගනිමින් අයවැය සම්මත කරගත් බවට චෝදනා කරමින්් විපක්ෂයේ මන්ත්‍රිවරුන් විසින් හොරණ මුලස්ථාන පොලිසියට පැමිණිල්ලක් සිදු කලා.

හොරණ නගර සභාවේ සභාපති අනිල් ඉන්දික ප්‍රේමසිරි මහතා මේ සම්බන්ධයෙන් පවසා සිටියේ,නියමිත වේලාවට අයවැය ඉදිරිපත් කල බවත් එම අවස්ථාව වන විට විපක්ෂයේ මන්ත්‍රිවරුන් කිසිවකු සභාවට පැමිණි නොසිටි බවයි.

එම අවස්ථාව වන විට අයවැය සම්මත කර ගැනිමට සභාවේ ඝණ පුර්ණය සිටි බව පැවසු සභාපතිවරයා ජාතික ජනබලවේගයේ මන්ත්‍රිවරු හයදෙනාම සිටි බව සඳහන් කළා.

 

හිරුණි විජේසිංහ

Source – News19




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!