මෙරට තරු පංතියේ හෝටල් ක්ෂේත්‍රයේ විශාලතම පෞද්ගලික ආයෝජනය වන “සිටි ඔෆ් ඩි්‍රම්ස් “ හෝටල් සංකීර්ණය අද නිල වශයෙන් විවෘත කෙරුණා.
බොලිවුඩ් සුපිරි තරුවක් වන රිතික් රෝෂන් අරාධිතයෙකු ලෙස පැමිණියේ ඒ අවස්තාව විචිත්‍රවත් කිරීම සඳහායි…
රිතික් කියන්නේ ලෝකයේ බොහෝ රසික රසිකාවියන් ආදරේ කරන අතිශය ජනප්‍රිය සුපිරි තරුවකට …
ඉතිං ඔහු මේ අවස්තාවට ආපු එක ලෝකයේම ඇස් අපේ රට දිහාවට යොමු වෙන්න හේතුවක් වෙනවා …
ඩොලර් බිලියන 1.2කක ව්‍යාපෘතියක් ලෙස ඉදිකෙරුණු “සිටි ඔෆ් ඩි්‍රම්ස්“ සුඛෝපබෝගී හෝටල් සංකීර්ණය මෙරට හෝටල් ක්ෂෙත්‍රයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කළ ව්‍යාපෘතියක් ලෙසයි සැළකෙන්නේ.
මෙතෙක් මෙරට ඉදි වූ විශාලතම ආයෝජන ව්‍යාපෘතිය මෙන්ම දකුණු ආසියාවේ පළමු ඒකාබද්ධ හෝටල් සංකීර්ණය ලෙසයි “සිටි ඔෆ් ඩි්‍රම්ස් “ සුඛෝපබෝගී හෝටල් සංකීර්ණය ක්‍රියාත්මක වෙනවා…
මෙම සුඛෝපබෝගී හෝටල් සංකීර්ණයේ නිවාඩු නිකේතනය ඊයේ පස්වරුවේ අති උත්කර්ශවත් අන්දමින් විවෘත කෙරුණේ ජනාධිපති අනුර කුමාර දිසානායක ඇතුළු තවත් අරාධිතයන් රැසකගේ සහභාගීත්වයෙන්.
දේශීය ගෘහ නිර්මාන ශිල්පීන්, හෝටල් වෘත්තිකයින් සහ විදෙස් නිර්මාණකරුවන් 500කට අධික පරිසක් මෙම ව්‍යාපෘතියේ නිර්මාණ කටයුතු සඳහා දායකත්වය සපයා තිබීමද විශේෂත්වයක්.
මේ අතර “සිටි ඔෆ් ඩි්‍රම්ස්“ හෝටල් සංකීර්ණයේ විනෝදාස්වාද සහ කැසිනෝ කලාපය ද අද විවෘත කෙරුණේ බොලිවුඩ් සුපිරි තරුවක් වන රිතික් රෝෂන් ඇතුළු අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන්.
එම කැසිනෝ කලාපය සඳහා ආයෝජනය කර ඇති මුදල අමෙරිකානු ඩොලර් මිලියන 125ක්.
‘සිටි ඔෆ් ඩි්‍රම්ස්“ හෝටල් සංකීර්ණයේ පිහිටි නුවා හෝටල් සංකීර්ණය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ඉදිකළ කාමර 687 කින් සහ අති සුඛෝපබෝගි කාමර 113 කින් සමන්විත වෙනවා.
සුප්‍රසිද්ධ සූපවේදීන්ගේ දායකත්වයෙන් සකසනු ලබන ශ්‍රී ලාංකේය සූප ශාස්ත්‍ර උරුමයන් සමගින් පාරිභෝගිකයින් වෙත නවමු අත්දැකීමක් ලබා දීමටත් ‘සිටි ඔෆ් ඩි්‍රම්ස්“ හෝටල් සංකීර්ණය කටයුතු කර තිබෙනවා.
Source – Hiru Gossip







