BREAKING NEWS
Search

පැරිසියේ ලූවර් කෞතුකාගාරයේ සොරුන් පළායන හැටි Video

533

පසුගිය සති අන්තයේ පැරිසියේ ලූවර් කෞතුකාගාරයේ සිදු වූ මහ දවල් ස්වර්ණාභරණ මංකොල්ලයකින් අනතුරුව, සොරුන් පිරිස පලා යන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් snapchat video වක් ඇසුරින් ප්‍රංශ පුවත් සේවයක් විසින් නිකුත් කර තිබේ. ඇමරිකානු ඩොලර් මිලියන 100 කට අධික වටිනාකමකින් යුත් මෙම වටිනා භාණ්ඩ රැගෙන ඔවුන් මෙසේ පලා ගොස් තිබුණි.

අදාළ වීඩියෝ දර්ශනවල, පුද්ගලයන් දෙදෙනෙකු විශේෂිත බලගැන්වූ ආනත සෝපානයක (powered extendable ladder) කූඩයක ආධාරයෙන් සෙමෙන් බිමට බැස, පහළ නවතා තිබූ ට්‍රක් රථයකට ගොඩ වන ආකාරය සටහන්ව තිබිණි.

විමර්ශනවලදී හෙළි වී ඇත්තේ මෙම මංකොල්ලය සඳහා යොදාගෙන ඇත්තේ ජර්මානු සමාගමක් විසින් නිෂ්පාදනය කරන ලද ‘Böker Agilo’ වර්ගයේ විශේෂිත සෝපාන යන්ත්‍රයක් බවයි. සොරුන් එය අතහැර දමා පලාගොස් තිබුණි.
මේ දක්වා සොරුන් හසුකරගෙන නැත.
Video පහතින්




Leave a Reply

Your email address will not be published. Required fields are marked *