අපි සංවාදයට ආරාධනා කළේ නීතිවේදි කෞශාල් රණසිංහ.
ඔහු මානව හිමිකම් ක්‍රියාධරයෙක් සහ ප්‍රංශයේ පසුගිය දවසක වේදිකා ගත වූ ඉන්දු ප්‍රංශ ශාකුන්තලා බැලේ නාට්‍යයෙ ප්‍රධාන චරිතය සහ පසුගිය 16 වෙනිදා ප්‍රංශයේ නාට්‍යම් ආත්මා ඉන්දියානු නර්ථන තරගාවලියේ, හොදම ඉන්දීය නර්ථනයට හිමි සම්මානය දිනාගත් නර්ථන කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරනවා.
කෞශාල්, ඔබ ගැන හැඳින්වීමක් කරන්න?
මගේ නම කෞශාල් රණසිංහ, අධ්‍යාපනික වශයෙන් නීතිවේදියෙක් සහ වෘත්තිමය වශයෙන් අන්තර්ජාතික ආයතනයක advocacy officer කෙනෙක් වශයෙන් කටයුතු කරනවා හා නර්තනය සම්බන්ධව වැඩකටයුතු කරගෙන යනවා. දැනට ජීවත් වෙන්නේ ප්‍රංශයේ පැරිස් නුවර.
ඔබ මානව හිමිකම් ක්‍රියාකරුවෙක් විදිහට සමරිසි ප්‍රජාව ගැන කතා කරනවා, ඒකට විශේෂ හේතුවක් තියෙනවද?
ඔව් ඒකට විශේෂ හේතුව වන්නේ මම සමරිසි පුද්ගලයෙක් එහෙමත් නැත්නම් සමලිංගික පුද්ගලයෙක් ලෙස හඳුන ගන්න එක සහ මම ඒ පිළිබඳව හීනමානයෙන් තොරව අභිමානයෙන කතා කරන එක තමයි විශේෂ හේතුව. ඊට අමතරව මමත් මගේ සහකරුවාත් සමාජ මාධ්‍ය තුළ සමරිසි ප්‍රජාවගේ ආදරේ කිරීමේ අයිතිය ගැන කතා කරනවා. ප්‍රංශ ජාතිකයෙක් වුන ඔහුට ලංකාවේ බොහෝ අය සමාජ මාධ්‍ය ඔස්සෙ ආදරය දක්වනවා.
මේ දවස් වල අපි ඔබ ගැන ඔන්ලයින් කෘතියක් ලියවෙන බව දැක්කා “මන්දස්මිත” කියලා. මොකක්ද ඒ පොත?
අපි තරුණ ප්‍රජාව සහ පොත් කියවන්න කැමති අය වෙනුවෙන් අලුත් වැඩක් පටන් ගත්තා. ඔබ දන්නවා නව තාක්ෂණය දියුණුවත් එක්ක බොහෝ දෙනෙක් පොත් කියවන්නේ online මාධ්‍ය ඔස්සේ. එහෙම මාධ්‍යයක් තමයි wattpad (වට්පෑඩ්) කියලා කියන්නේ. මීට දවස් 40කට කලින් ඒකෙ ඉන්න ශ්‍රී ලාංකික කතුවරියක් වන “නූ”ගේ (Kim Nu94) ආරාධනාව පරිදි සමාජයේ විවෘතව සමරිසි පුද්ගලයෙක් විදිහට මම අසල් කාලෙ ඉඳලා මේ දක්වා ආපු ගමන් මග එහෙමත් නැත්නම් මගේ ජීවිත කතාව ලියන්න පටන් ගත්තා, එකේ නම තමයි “මන්දස්මිත”. ඔබට කියන්න ලක්ෂ දෙකකටත් වඩා මේ වෙනකොට ඒ කතාව වටා පාඨකයෝ එක්කහු වෙලා තියෙනවා. වගේම ලෝකය පුරා තියෙන සත්‍ය කතා ශානරය යටතේ හොඳම නවකතා දහය අතරට යන්න සහ LGBT අයිතිවාසිකම් යටතේ ලියවුනු වට්පෑඩ් පොත් අතර දෙවනි ස්ථානයට පත් වෙන්න “මන්දස්මිත” ජීවිත කතාවට හැකි වෙලා තියෙනවා. තාම ඒ කතාව ලියවෙන ගමන් තියෙන්නේ.
ඒ කතාව කියවපු මුලින්ම සමරිසි ප්‍රජාව ගැන අහිතක් තියාගත්ත මිනිස්සු වෙනස් වෙලා සමරිසි මිනිස්සුන්ගේ අයිතිවාසිකම් ගැන කතා කරන්න පෙලඹිලා තියෙනවා. කෙනෙක් දෙන්නෙක් හෝ කමක් නෑ අපි වෙනුවෙන් පෙනී ඉන්නවනම්. ඒ නිසා රටේ නීති වෙනස් කරනවා වගේම සමාජය දැනුවත් කරලා බුද්ධිමත් මිනිසුන් ඇති කරලා කරලා, සහකම්පනය ඇති කරන්න අපි උත්සාහ කරනවා. ඒවගේම ඒ පොත කියවලා අපේ කතාව හරියට දැනගන්න කියලා මම ආරාධනා කරනවා. බනින්න කලින් කියවලා, ඊට පස්සේ හිතෙනව නම් බනින්න කියන පණිවිඩය මම දෙන්න කැමති.
නමුත් ඔබ හිතන්නේ නැද්ද සමලිංගිකත්වය හෙවත් සමරිසි බව කියන්නේ අඩුපාඩුවක් හෝ විකෘතියක් කියල?
විද්‍යාත්මක දත්ත අරගෙන කතා කරොත් කොහෙත්ම සමරිසි බව කියන්නේ මානසික රෝගයක්, එහෙමත් නැත්තං ජාන විකෘතිතාවයක් කියන එක ඔප්පු කරලා නැහැ. ලෝක සෞඛ්‍ය සංවිධානය පවා 70 දශකයේ දී මනාව පැහැදිලි කරලා පෙන්නනවා වෛද්‍ය පරීක්‍ෂණමත සමලිංගිකත්වය කියන්නේ මානසික රෝගයක්වත් ජාන විකෘතිතාවයක්වත් නෙවෙයි කියන කාරණාව. නමුත් ඊට පෙර එය එලෙස හැඳින්වූවා. ඒකට හේතුවක් තියෙනවා, අපි දන්නවා විවිධ ආගම් ලෝකය පුරා පැතිරිලා ගියා, අන්න ඒ පැතිර ගියපු ආගම්වල හිංසාකාරී පීඩනවලටත් සහ මිනිසුන්ගේ වෛරයටත් සමරිසි ප්‍රජාවට මුහුණ දෙන්න සිද්ධ වුණා. එතකොට වෛද්‍යවරු මොකක්ද කරේ, සමරිසි බව කියන්නේ මානසික රෝගයක් කියන කාරණාව පෙන්වා දීලා ඒ ප්‍රජාවට අනුකම්පාව අරන් දෙන්න කටයුතු කරා.
අපි දන්නවා දෙවන ලෝක යුධ සමයේ ලෝකයේ සුවිශේෂී සෝය ගැනීමක් කරනවා ඒ පරිඝණකයයි. ඒක හොයා ගන්න ඇලන් ටියුරින් ඔහු සමලිංගිකයෙක් වීම නිසා ඒ කාලයේ එය රෝගයක් ලෙස සැලකු නිසා ඔහුට හෝමොන ප්‍රතිකාර දෙනවා, අවසානයේ ඔහු අවාසනාවන්ත ලෙස මිය යනවා. අද කෙනෙක් සමාජ මාධ්‍යට ඇවිත් බැනලා කමෙන්ට් එක දාන ස්මාර්ට් ජංගම දුරකථනය නැති වෙන්න තිබුනා සමරිසි පුද්ගලයෙක් වුන ඔහු මේ සොයා ගැනීම නොකලා නම්, මට කියන්න ඕන වුනේ ඒ කාලයේ ලෙඩක් ලෙස හදුන්වල බල්හත්කාරයෙන් මිනිස්සු පරිවර්ථනය කරන්න ගිහින් මරා දාපු එක, විද්‍යාවේ දියුණු වීමත් එක්ක සමරිසි බව කියන්නේ විෂම රිසි බව වගේම හුදෙක් ලිංගික දිශානතියක් කියන කාරණාව විද්‍යාත්මකව තහවුරු වුණා.
කවුරු හරි කියනවනම් සමලිංගිකත්වය කියන්නේ විකෘතියක් කියලා, අන්න ඒක ඔහුගේ හෝ ඇයගේ තනි පෞද්ගලික මතයක් මිසක් විද්‍යාත්මක සාධකයක් නෙමෙයි.කෙනෙක් කියනවා නම් ඒ පුද්ගලයා එක විද්‍යාත්මකව ඔප්පු කරන්න ඕනේ. ඇත්තං එක හුදෙක් කට කතාවක් හෝ වෛරය මත පදනම් කරගෙන ගෙන එන මතයක් පමණයි.
එහෙනම් ඇයි ඔය ලංකාවේ සමහර මනෝ උපදේශකයො කියාගන්න අය සමලිංගිකත්වය සුව කරන්න පුලුවන් කියන්නේ?
තමන් මනෝ උපදේශකවරු කියලා ලේබල් ගහගෙන ඉන්න ලංකාවෙ බහුතරයක් ඇත්තටම වෘත්තිමය සුදුසුකම් තියන මනෝ උපදේශකවරු නෙමේ. එයාලා කොහෙන් හරි මාස තුනක සහතිකයක් අරන් බෝඩ් එකක් ගහගෙන මිනිස්සුන්ට බෙහෙත් දෙනවා. අන්තිමට වෙන්නෙ අර මිනිස්සුන්ට රටේ ලෝකේ නැති ලෙඩ හැදෙන එක.
පෞද්ගලිකව මම පොඩි කාලේ මගෙ සමලිංගිකත්වය සුව කරගන්න පරිවර්ථන චික්ත්සා වලට ගියේ මම ගැන තිබ්බ බයක් නිසාමයි. ඒත් ඒකෙන් මට වුනේ සාමාන්‍ය පෙල විභාගයට හරි හැටි මුහුණ දෙන්න බැරි විමත්, නිදිමත, අධික කුසගින්න සහ පාලනය කරගත නොහැකි තරබාරුව සහ මානසික පීඩනය පමණයි. නමුත් ඒකෙන් මම සනීප වුනේ නෑ. කවුරු හරි කියනවා නම් සමලිංගිකත්වය කියන්නෙ තෝරා ගැනීමක් කියලා හෝ, ඒක සුව කරන්න හෝ නවත්වන්න පුලුවන් කියලා මම මගේ ජිවිතයම උදාහරණයට අරන් කියන්නෙ ඒක වැරදි මතයක් විතරයි කියන එකයි. ඒකටත් මට කියන්න තියෙන්නෙ වට්පෑඩ් ඇප් එකේ මන්දස්මිත පොත කියෙව්වොත් මම මගේ ලිංගිකත්වය හඳුනා ගන්න කලින් ඒ දෙය වෙනස් කරගන්න කොයිතරම් වෙහෙසක් දුකක් වින්දාද කියන ඔබට පුළුවන් වේවි.
ඒ වුනාට ඇයි සමලිංගික පිරිමි මිනිස්සු ගෑණු වගේ හැසිරෙන්නේ? එහෙමත් නැත්නම් ගැහැණු වගේ අඳින්නේ??
ඔබට පේනවද මම කාන්තාවක් වගේ අඳිනවා හෝ හැසිරෙනවා? මමත් සමලිංගික මනුස්සයෙක්, හැබැයි මම කවදාක්වත් ගැහැණියක් වගේ අඳින්න කැමති නෑ. සහ මගේ පිරිමිකමේ අඩුවක්වත් මම දකින්නේ නැහැ. නමුත් සමාජයේ තියෙනවා මතයක් සමලිංගික මිනිස්සු කියන්නේ ගැහැණු වගේ හැසිරෙන මිනිස්සු කියලා. ඒක වැරදියි! කෙනෙක් ඉන්න පුළුවන් විරුද්ධ ලිංගික පුද්ගලයාගේ ඇඳුම් අඳින්න කැමති එයාගේ ප්‍රකාශනය විතරයි.
ඒ කියලා ඒක සමාජේ ඉන්න හැම කෙනාටම අදාල කරන්න යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔතන අපි අඳුන ගන්න ඕන දෙයක් තියෙනවා, ඒ තමයි ලිංගික දිශානතිය සහ සමාජ අනන්‍යතාව කියන්නේ දෙකක් කියන එක.
එක දිශානතිය කියන්නේ මම කාටද ආදරේ කරන්නේ කාටද ලිංගිකව ආකර්ෂණය වෙන්නේ කියන එක එක මගේ ගැහැණු පිරිමිකම තීරණය කරන්නේ නැහැ.මගේ සමාජ අනන්‍යතාවය මම සමාජෙට හඳුන්වා දෙන්න කැමති කොහොමද කියන කාරණාව තමයි පැහැදිලි කරන්නෙ. ගොඩක් අය සංක්‍රාන්තික සමාජභාවි පුද්ගලයන්ව සහ සමලිංගික මිනිස්සුන්ව පටලගෙන ඉන්නවා.
ඔබ කියන කරුණු තාර්කිකයි, නමුත් සමාජයේ ප්‍රජනන පද්ධතියට ඔබෙන් සහයෝගයක් නෑනෙ? ජාතියෙ පැවැත්ම අවසන් වෙනවානේ?
සමරිසි මිනිස්සු සමාජ පද්ධතිය ඇතුලේ ඉන්නෙ 10%ක්, ද්ව්රිසි ප්‍රජාව 70%ක් සහ විශම රිසි මිනිස්සු 10%ක් ඉන්නවා. එතකොට විශම රිසි සහ ද්ව්රිසි මිනිස්සු ප්‍රජනන කාර්‍යට සහය වෙනවා. නමුත් ඔබ ඔය කියන විදිහට බලහත්කාරයෙන් සමරිසි මිනිස්සු කසාදයකට ඇදලා දාලා ජාතිය බෝ කරපන් කිව්වට ඒක සාර්ථක දෙයක් නෙමේ. කසාදයක් ඇතුලේ සහ දරු පවුලක් ඇතුලේ තියෙන්න ඕන ආදරය සහ සම්බන්ධතාවන් නැති උනහම ඒ කසාදය අසාර්ථකයි, දරුවන් පවා වල්මත් වෙනවා.
සමහර සමරිසි මිනිස්සු දෙමාපියන් සනසන්න, සමාජය ඉස්සරහ නම්බුව තියාගන්න කසාද බදිනවා. ඊට පස්සෙ ඒ පිරිමි කෙනෙක් නම් ගෑණු කෙනාට දරුවෙක් දීලා වටේ යනවා. ගෑණු කෙනක් නම් දරුවෙක් හදාගෙන පිරිමියාගෙන් ඈත් වෙනවා. එතකොට ඒ මිනිස්සු ඉන්නවට ඉන්නවා මිසක් එතන ඇත්ත පවුලක් නෑ. ඒ වගේ අසාර්ථක මිනිස්සු තමයි නිදහසේ තමන්ගේ ජිවිතය විදින සමරිසි මිනිස්සු දැක්කම අපහස කර කර යන්නෙ. සමහර කසාද වල “ලිංගික බෙලහීනතාව” කියන පදනම මත දික්කසාද වලට යනවා. ඒක ලංකාවේ දික්කසාද බහුතරයකට හේතුවක්!මම කැමති මේක කියවන දෙමාපියන්ට කියන්න, ඔබ දරුවා සමරිසි කියල දැන ගත්තොත් ඒ ළමයා බන්දන්න යන්න එපා! ඒ මෝඩ තීරණයෙන් ඔබ ඔබේ දරුවා වගේම තවත් දරුවෙක්ගෙ ජිවිතය විනාස කරනවා.
ඒ වුනාට සමරිසි අය ජිවිතයේ තනිවෙනවනෙ අන්තිම කාලයේ?
අපි හැමෝම ජිවිතයෙ අන්තිම කාලයේ තනි වෙනවා. නමුත් ලංකාව වගේ රටක සමරිසි මිනිස්සුන්ට ඒ ඉරණම සමාජයෙන් අත්කරලා දෙන්නෙ, ඇයි ඒ සමාජය පිළිගන්නෙත් නෑ, පවුලෙන් ඒ ආදරයට ආශිර්වාදයක් ලැබෙන්නෙත් නෑ. හුදෙක් සමාජය දකින්නෙ සමරිසි සම්බන්ධතාවක් ලිංගික අවශ්‍යතා සපුරා ගැනිමක් විදිහට විතරයි, හැබැයි ඒක එහෙම නෑ! මම ජිවිත් වෙන ප්‍රංශයෙ මම දකිනවා සමරිසි මිනිස්සු විවහ වෙලා, දරුවො හදාගෙන සමාජයටත් යහපත් සේවාවක් කරන් ඉන්න විදිහ! හොදම උදාහරනය අපේ ප්‍රංශයේ හිටපු අගමැතිතුමා! ඔහුගෙ ස්වමිපුරුශයත් පාර්ලිමෙන්තු මන්ත්‍රිවරයෙක්. නමුත් ලංකාවේ අපිව කොන් කරලා තියෙන නිසා අර වගේ කොහෙ හරි මුල්ලක ලිංගික අවශ්‍යතා විතරක් සපුරාගෙන ගෙදර ඇවිල්ලා නාලා සුදු ඇදෙගෙන සමාජ මාධ්‍යයෙන් නැවත සමරිසි මිනිස්සුන්ට බනින සමාජයක් හැදුවේ සමාජයමයි. ඊට පස්සෙ කියනවා සමලිංගිකයින් පොදු වැසිකිලිගානෙ, පොදු ස්ථාන වල ඉන්න පිරිසක් කියලා.අපේ ආදරය කිරිමේ පවුලක් ගත කිරිමේ අයිතිය නොදි මේ විදිහට අපහස කිරිම ඉතා අසාධාරණයි.
අවසන් වශයෙන් ඔබට කියන්න දෙයක් තියෙනවාද?
ඔව්, මම අභිමානයෙන් යුතුව කියනවා මේ මම උපන් විදිහ, සමරිසි වීම ගැන මට ලැජ්ජාවක්වත් බයක් වත් නැහැ. මම එහෙම ඉපදුනා කියලා මගේ ජිවිතය අඩාල වුනේ නෑ! අද මම නීතිවේදියෙක්, අන්තර්ජාතික ආයතනයක මුල් තනතුරක ඉන්න අයෙක් වගේම ජාත්‍යන්තර නිර්මාණ වල නර්ථන දක්ශතාවය පෙන්වූ අයෙක්, ඒ වගේම මම ලංකාව ජාත්‍යන්තර සමුලුවල නියෝජනය කළා, ප්‍රංශයේ ජිවත් වෙන සංක්‍රමනික ප්‍රජාව එක්සත් ජාතින්ගෙ සැසියක නියෝජනය කරලා ඒ වෙනුවෙන් හඩ නැගුවා. ඊටත් වඩා පවුලේ ආදරය ලබන සහ මගේ සහකරුවා එක්ක ජිවිතය ගොඩනගා ගනිමින් සාර්ථක පවුල් ජිවිතයක් ගත කරනවා. ඒ කිසිම දෙයකට මගේ ලිංගික දිශානතිය සමරිසි වීම බලපෑවේ නෑ. එකම දේ මම කවුද කියන එක පිලිගත්තා සහ මගේ අයිතිය වෙනුවෙන් වගේම මගේ LGBT පවුලෙ අනේක් සමාජිකයන් වෙනුවෙන් හඩ නගනවා. මට ඕන මම සාර්ථක වුනා වගේම ලංකාවේ ඉන්න මගේ ප්‍රජාවේ මිනිස්සු සාර්ථක වෙනවා දකින්න.
ඒ වගේම ප්‍රජාවේ නොවන මම ඔබෙන් ඉල්ලා සිටින්නෙ කාරුණික වෙන්න, සහකම්පනයෙන්, මෛත්‍රියෙන් සහ ප්‍රේමයෙන් යුක්තවන්න. ඔබට මම මගේ කතාව “මන්දස්මිත” wattpad ඇප් එකෙන් කියවන්න ආරාධනා කරනවා. එතකොට ඔබට තේරේවි සාමාන්‍ය මධ්‍යම පාන්තික සමරිසි කොල්ලෙක්ගෙ ජිවිතය මොන වගේද
Hiru Gossip