BREAKING NEWS
Search

ඇමරිකානු භාණ්ඩ සදහා පැනවූ 34%ක තීරු බද්ද ඉවත් නොකලොත් චීනයෙන් ගෙන්වන භාණ්ඩ වලට 104%ක තීරු බද්දක්.. – ඇමරිකාව එක්ක චීනය පැටලෙයි…

48

එක්සත් ජනපදය විසින් චීන ආනයන මත පනවා තිබුණු තීරු බද්දට ප්‍රතිචාර වශයෙන්, අප්‍රේල් 10 වන දා සිට බලපැවැත්වෙන පරිදි, එක්සත් ජනපද සමාගම් චීනයෙන් ආනයනය කරන භාණ්ඩ මත 34% ක තීරු බද්දක් පනවන බව චීනය අප්‍රේල් 4 වන දා නිවේදනය කළේ ය.

චීනය, තම රටේ නිෂ්පාදන සදහා එකී නව තීරු බද්ද පැනවුවහොත්, දැනට චීනයෙන් ආනයනය කරන භාණ්ඩ සදහා පනවා තිබෙන බද්දට අමතරව, 50% ක තවත් තීරු බද්දක් පනවන බව එක්සත් ජනපදය නිවේදනය කර තිබේ.

එසේ 50% ක තවත් තීරු බද්දක් චීනයෙන් ආනයනය කරනු ලබන භාණ්ඩ මත පැනවුවහොත්, නව බදු සංශෝධන යටතේ එක්සත් ජනපදය විසින් චීනයෙන් ආනයනය කරනු ලබන භාණ්ඩ සදහා පනවන තීරු බද්ද 104% දක්වා ඉහළ යනු ඇත.

News Center




Leave a Reply

Your email address will not be published. Required fields are marked *