BREAKING NEWS
Search

බෞද්ධ ස්ඨූපයක තිබූ මැණික් වෙන්දේසියට එරෙහිව ඉන්දියාව පෙරට එයි

1108

බුදුන් වහන්සේගේ ධාතූන් අතර තැන්පත් කර තිබූ මැණික් තොගයක් වෙන්දේසියේ විකිණීම වහාම නතර කර කෞතක වස්තු ඉන්දියාව වෙත ආපසු ලබා දෙන ලෙස ඉල්ලමින් අදාළ වෙන්දේසි ආයතනය වන හොංකොං හී සොතෙබිස් වෙත නීතිමය ලිපියක් යැවීමට ඉන්දියාව පියවර ගෙන තිබේ.

1898 දී උත්තර් ප්‍රදේශ් හී පිප්‍රහ්වා හි ස්තූපයකින් බුදුන් වහන්සේට අයත් යැයි හඳුනාගත් අස්ථි කොටස් සමග මුතු, මැණික්, නිල් මැණික්, රත්‍රං ඇතුළු අභාරණ 1,800කට ආසන්න ප්‍රමාණයක් සොයා ගනු ලැබීය.

මෙම භාණ්ඩ හෙට (07) දිනයේදී වෙන්දේසි කිරීමට නියමිත අතර සොතෙබි සමාගම විසින් ඒවායේ වටිනාකම හොංකොං ඩොලර් මිලියන 100ක් ලෙස ගණන් බලා තිබුණි.

නිවේදනයක් නිකුත් කරමින් ඉන්දියානු සංස්කෘතික අමාත්‍යංශය පැවසුවේ වෙන්දේසිය පිළිබඳ තොරතුරු රැස් කර ඇති අතර අදාළ වෙන්දේසි සමාගම වෙත මේ සම්බන්ධව දන්වමින් නීතිමය ලිපියක් යොමු කිරීමට පියවර ගත් බවය.

එමෙන්ම ඉන්දීය පුරාවිද්‍යා සමීක්ෂණ ආයතනය ද හොංකොං කොන්සල් ජනරාල්වරයා වෙත දැනුම් දී ඇත්තේ අදාළ වෙන්දේසිය වහාම නතර කරන ලෙසත් මේ සම්බන්ධව බලධාරීන් සමග සාකච්ඡා කිරීමට පියවර ගන්නා ලෙසත්ය.

Ada Derana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *