ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ අභාවයෙන් පසු, එම ධුරය සඳහා නව නායකයෙකු ඉදිරි “දිනක් හෝ දෙකක් ඇතුළත” තෝරා ගැනීමට නියමිත බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි පවසයි.
අල් ජසීරා පුවත් සේවය සමඟ පැවැති සුවිශේෂී සම්මුඛ සාකච්ඡාවකදී, ඔහු නව නායකයෙකු තෝරා ගැනීම සිදුවෙන තෙක් පාලන කටයුතු මෙහෙයවීම සඳහා දැනටමත් තාවකාලික නායකත්ව මණ්ඩලයක් පවතින බවද ප්‍රකාශ කළේය.
අමතරව, අනුප්‍රාප්තිකයෙකු පත් කිරීමේ ක්‍රියාවලිය ඉතා කඩිනමින් සිදු වන අතර, දින කිහිපයක් ඇතුළත එම තීරණය ගනු ලැබෙන බව ඔහු අවධාරණය කළේය.
එමෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු ඉලක්ක වෙත ඉරානය විසින් එල්ල කළ ප්‍රහාර පිළිබඳව, අරග්චි “මෙය අමෙරිකානු ආක්‍රමණයට එරෙහිව තමන්ව ආරක්ෂා කර ගැනීම සඳහා සිදුකළ යුක්තිසම්පන්න ප්‍රතිප්‍රහාරයක්” බව යැයි පැවසීය.







