BREAKING NEWS
Search

ගාල්ලට නුදුරින් ඉරාන නෞකාවක් අනතුරට – නාවික හමුදාවෙන් මෙහෙයුම් ආරම්භයි

577

 

Galle Harbourට සැතපුම් 40ක් පමණ දුරින් ඉරාන ධජය යටතේ ගමන් කළ නෞකාවක් අනතුරට ලක්ව ඇති බව වාර්තා වේ.

අනතුරට ලක් වූ නෞකාවේ සිටින නාවිකයින් මුදාගැනීම සඳහා Sri Lanka Navyට අයත් යාත්‍රා කිහිපයක් මේ වනවිටත් අදාල මුහුදු ප්‍රදේශය වෙත පිටත්ව ගොස් තිබේ. ගලවාගැනීමේ මෙහෙයුම් කඩිනමින් ක්‍රියාත්මක කර ඇති බව නාවික ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, තත්ත්වය පිළිබඳ සියලු තොරතුරු නිරීක්ෂණය කරමින් අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවයි.

නෞකාවේ පිරිසගේ ආරක්ෂාව සහ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ වැඩිදුර තොරතුරු ඉදිරියේදී නිකුත් කිරීමට නියමිතය.(ape rata)




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!