BREAKING NEWS
Search

ඇගේ එකම වරද රූමත් වීමද? නැතහොත් අසාධාරණයට නිහඬ නොවී හිස කෙළින් තබාගෙන සිටීමද?” මේ ප්‍රේමවතී මනම්පේරිගේ සත්‍ය කතාව..

1172

 

 

🔰 – වර්ෂ 1970, කතරගම පැවැත්වූ රූ රැජිණ තරගයෙන් කිරුළ දිනාගත් ඒ රූමත් යුවතිය ඔබට මතකද?
🔰 – ඈ නමින් ප්‍රේමවතී මනම්පේරි.
🔰 – දහම් පාසල් ගුරුවරියක ලෙස දහමට ලැදිව, අහිංසක සිහින දකිමින් සිටි මේ 22 හැවිරිදි ප්‍රේමවතී මනම්පේරිගේ ජීවිතය 1971 අප්‍රේල් 17 වනදා ම්ලේච්ඡත්වයේ ගොදුරක් බවට පත් වුණේ මුළු මහත් මනුෂ්‍යත්වයම ලැජ්ජාවට පත් කරමින්.
🔰 – දේශපාලන කැරලි කෝලහල මැද “සැකපිට” හමුදා අත්අඩංගුවට පත් ප්‍රේමවතීට විඳින්නට සිදු වූ වධ හිංසා ඇසූ පමණින් ඕනෑම හදවතක් කම්පා වෙනවා..
🔰 – නගරයම බලා සිටියදී, මේ 22 හැවිරිදි යුවතිය නිරුවත් කර වීදි දිගේ ඇදගෙන ගියේ මුළු කතරගමම හඬවමින්.
🔰 – ඒ නරුම මිනිසුන් බලාපොරොත්තු වූයේ ප්‍රේමවතී මනම්පේරි හඬා වැටෙනු දැකීමටයි.
🔰 – එහෙත් ඇය අකම්පිත වී බලා සිටියා.
🔰 – ප්‍රේමවතීගේ ඇඳ සිටි රෙදි කඩ පවා ඔවුන් උදුරා ගත් මොහොතේ, දෙඅතින් තම ලැජ්ජාව වසා ගෙන හිස කෙළින් කරගෙන ඇය ගමන් කළා.
🔰 – මරණයේ අභියස සිටියදී , තුවක්කු කටවල් තමන් දෙසට එල්ල වී තිබියදී පවා ඇය කම්පා වූයේ නැහැ.
🔰 – නමුත් ඇය ඉල්ලා සිටියා මොහොතක් ඉවසන ලෙස.
🔰 – වෙවුලන දෑතින් තමන් සතු එකම වටිනා වස්තුව වූ කරාබු යුගල ගලවා ඇය හමුදා නිලධාරියෙකු අතටදී කිවේ, “මේක මගේ අම්මට දෙන්න” යැයි කියායි.
🔰 – වෙඩි උණ්ඩ දෙකක් ඇගේ සිරුර පසාරු කරගෙන ගියත් , ඇය වහාම මිය ගියේ නැත.
🔰 – දරාගත නොහැකි වේදනාවෙන් දඟලන ප්‍රේමවතීගේ සිරුර පණ පිටින්ම වළ දැමීමට තරම් ඒ නරුම මිනිසුන් තිරිසන් වුනා.
🔰 – වළ තුළ සිටියදි, ඇය වතුර ඉල්ලා හඬද්දී, ඇයට ලැබුණේ වතුර නොව සවලෙන් ඇද හැලුණු පස් ගොඩවල් පමණි.
🔰 – පණ පිටින්ම වළ දැමූ 22 හැවිරිදි ප්‍රේමවතී මනම්පේරි මිය ගියේ නිවටියක ලෙස නොව, ලොවටම අභිමානය පෙන්වූ වීරවරියක ලෙසිනි.
🔴 – ප්‍රේමවතී මනම්පේරි යනු ඉතිහාසයේ එක් මරණයක් පමණක්ම නොවේ.
🔰– ප්‍රේමවතී මනම්පේරි යනු – කාන්තා හිංසනයට එරෙහි නොනිමෙන පන්දමකි.
🔰– ප්‍රේමවතී මනම්පේරි යනු – අයුක්තියට එරෙහිව නැගී සිටි අභිමානවත් සලකුණකි.
🔰– ප්‍රේමවතී මනම්පේරි යනු – අපේ රටේ නීතිය හා යුක්තියේ ඉතිහාසය වෙනස් කළ හැරවුම් ලක්ෂයකි.
🕯️ – අදටත් කතරගම පුරවරයට යන ඕනෑම කෙනෙකුට ඇගේ අනුස්මරණ පැන් තාලිය දැකගත හැක.
🕯️ – ඒ අසල මොහොතක් නතර වන්න.
🕯️ – ඇය වෙනුවෙන් සුසුමක් හෙළන්න.
🕯️ – එයින් වතුර උගුරක් බොන සැමවිටම මතක තබා ගන්න, වතුර පොදක් ඉල්ලා හඬා වැලපුණු ඒ අහිංසක තරුණියව.
🔴 – රූපය නිසාම විනාශ වී ගිය, එහෙත් අභිමානය අත් නොහළ ඒ යුගයේ වීරවරියට නිවන් සුව ප්‍රාර්ථනා කරමු.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *