මේ දවස්වල ශ්‍රී ලාංකීය ක්‍රිකට් ප්‍රේක්ෂකයන් වැඩිපුරම කතා වෙන නම කුසල් ජනිත් පෙරේරා. ඒ ඔහුව එළැඹෙන එංගලන්ත විස්සයි විස්ස තරගාවලිය සදහා වන සංචිතයෙන් ඉවත් කර තිබීමයි.
කුසල් ජනිත් ගැන මිනිස්සු ඔය තරම් කතා කරන්න තරම් පොර මාර ප්ලෙයර්ද ? ඔව්… රට වෙනුවෙන් සෑහෙන ලොකු සේවයක් කරපු ප්ලෙයර් කෙනෙක්… T20 Specialist කෙනෙක්…

හැබැයි මෑත කාලයේ KJP ලකුණු අතර නැ…
ඒත් ප්‍රේක්ෂකයන් KJPව ඉල්ලන්නේ ඇයි ?
පහුගිය අවුරුදු කිහිපයේම කුසල් ජනිත් පෙරේරා අපේ ජාතික කන්ඩායමේ ක්‍රීඩා කරපු ක්‍රීඩකයෙක්… ඒ කියන්නේ අපේ මෙවර ලෝක කුසලාන සැලසුම්වල KJP කියන ක්‍රීඩකයා නිතරම හිටියා. ඒත් අන්තිම මොහොතේ ඔහු ආබාධයි කියලා කන්ඩායමෙන් ඉවත් කරනවා. ඒ ඉවත් කරපු කෙනා අන්තිමට සංචිතයෙනුත් ඉවත් කර දානවා.
ඔව්.. KJP මේ දවස්වල ලකුණු අතර නැ… හැබැයි ඊටත් වඩා ෆේල් චරිත් අසලංකලා තාමත් සංචිතයේ ඉන්නවා. ඒත් කමක් නෑ කියමුකෝ… අපි බැලුවොත් කවුද KJP වෙනුවට ටීම් එකට ආවේ..? දනංජය ද සිල්වා…
දනා එක පාරටම ටීම් එකට එන්න මෑතකදී පෙන්නපු T20 පිතිකරන දක්ෂතා මොනවද ? එහෙම මොකුත් නැ… එතකොට දනා අංක හතර පිතිකරුවෙක් විදිහට කන්ඩායමට ඇවිත් ඉන්නේ එයාගේ පන්දු යැවීමේ හැකියාව නිසා.. මූලිකවම අපි දනාගේ බලලා තියෙන්නේ එයාගේ Batting නෙමෙයි bowling.
මං දන්නෑ… සමහරවිට අපිට මේ logic එක තේරෙන්නේ නැතුව ඇති… බුද්ධිමත්ම ක්‍රිකට් ගැන බලන ඔයාම තීරණය කරන්න අංක හතරේ පිතිකරුවෙක් විදිහට කන්ඩායමට ගේන පිතිකරුවෙක්ගේ බලන්න ඕනි පිතිකරන දක්ෂතා ද නැත්නම් පන්දු යැවීමේ හැකියාව මතද කියලා…
මං නම් හිතන්නේ අංක හතරේ පිතිකරුවෙක් ලෙස එන්න ඕනි පිතිකරුවෙක්… Bowling තියෙයි නම් ඒක ඔහුගේ අමතර සුදුසුකමක් විතරයි. හැබැයි මෙතන දනා ටීම් එකට එන්නේ ඒ අමතර සුදුසුකම ප්‍රධාන සුදුසුකමක් ලෙස සලකා බලලා…

කොහොම නමුත් ඉදිරි තරග වල දනාගේ පිතිකරන දක්ෂතා රට වෙනුවෙන් පෙන්වන්න හැකිවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙම නොවුනොත් ඒක අපිට ලොකු පාඩුවක්…
දැන් පිතිකරන ලැයිස්තුව බැලුවොත් පිතිකරන අනුපිළිවෙල,
පැතුම් නිස්සංක
කමිල් මිෂාර
කුසල් මෙන්ඩිස්
දනංජය ද සිල්වා
චරිත් අසලංක
පහුගිය අවුරුදු දෙකේ පැතුම් නිස්සංක විස්සයි විස්සට ගැලපෙන හොද පිතිකරන රටාවක් පෙන්නුවා. කුසල් මෙන්ඩිස් තාම අංක තුන පිතිකරුවෙක් ලෙස සාර්ථක නැ… ලකුණු ගහපු ඉනිම් වලත් ඔහු ලකුණු රැස් කරේ පවර්ප්ලේ එකේ ක්‍රීඩා කරන්න ඇවිත්… පවර්ප්ලේ එකෙන් පස්සේ ඇවිත් මෙන්ඩිස් කොහොම ලකුණු රැස් කරයිද තවමත් අපි දැකලා නැ…

මිෂාර ඉනිම ආරම්භ කිරීමේ මන්දගාමී බවක් පෙන්නුවා. ඒ නිසා ඔහුව ආරම්භක පිතිකරුවෙක් ලෙස කැදෙව්වා. එය පකිස්තාන සංචාරයේ යම් පමණකින් සාර්ථක වුනා. නමුත් තාමත් කමිල් ඉන්න T20 ක්‍රිකට් වලට පුරුදු වෙමින්…
මේ පිතිකරන ලැයිස්තුවේ කිසිම T20 Specialist කෙනෙක් නැ… ස්ට්‍රයික් රේට් 130+ තියෙන කවුරුත් නැ..
අපි පහුගිය අවුරුදු ටිකේ අලුත් ක්‍රීඩකයෙක් හදන්නෙත් නැතුව KJP එක්කම මේ ලෝක කුසලානය ක්‍රීඩා කරන්න බලාපොරොත්තුවෙන්… එහෙම නම් ඔහු ලකුණු අතර නැති මේ වෙලාවේ ඔහුට අවස්ථා හදා දීලා අවසාන මොහොත වෙනකල් ඔහුව ලකුණු අතරට ගන්න උත්සහා කරන එක වටිනවා.

මොකද ලෝක කුසලානයක් කට උඩ තියාගෙන අපිට අලුත් ප්ලෙයර් කෙනෙක් එක පාරටම ගිහින් ලෝක කුසලානයට අතහරින්න බැ… සහ KJPගේ තියෙන experience එකත් එක්ක ඒ වගේ කෙනෙක් බැක් කරාට පාඩු නැ…
එළැඹෙන එංගලන්ත තරගාවලියේදී KJP වගේම නුවන් තුෂාරත් සංචිතයෙන් ඉවත් කරලා තියෙනවා. තුෂාර කියන්නෙත් මෙවර ලෝක කුසලානය ඉලක්ක කරගෙන පසුගිය අවුරුදු කිහිපයේම අපි හදපු ක්‍රීඩකයෙක්…
එයත් මේ වෙලාවේ එයාගේ සුපුරුදු රිද්මයේ නැ…
හැබැයි එයාට නැවතත් එයාගේ සුපුරුදු රිද්මය හොයා ගන්න මේ දවස්වල ශ්‍රී ලංකා ‘A’ කන්ඩායම සමගින් තරග ක්‍රීඩා කරන්න ඔහුට අවස්ථාව දීලා තියෙනවා.

කණගාටුවට කරුණ අඩු තරමේ නුවන් තුෂාරට බෙදපු හැන්දෙන්වත් මේ අත්දැකීම් බහුල ක්‍රීඩකයාට බෙදලා නැ…
නේපාල ජාතික කන්ඩායම එක්ක තිබුන පුහුණු තරගයෙන් ඊයේ ශ්‍රී ලංකා A කන්ඩායම ජයග්‍රහණය කරනවා. මේ තරගයට නුවන් තුෂාර ක්‍රීඩා කරනවා. හැබැයි KJP නැ…
අන්තිම අවුරුදු කිහිපයේම කන්ඩායමේ හිටපු ක්‍රීඩකයෙක් විදිහට මේ වෙලාවේ KJP ලකුණු අතර නැත්නම් කරන්න ඕනි මේ වගේ අවස්ථා හෝ ලබා දීලා නැවතත් ඔහුව ලකුණු අතරට ගන්න උත්සහා කරන එක.. මොකද මේ වෙලාවේ අපිට අලුත් ප්ලෙයර් කෙනෙක් හදන්න කාලයක් නැ සහ අමතක කරන්න එපා අපේ Batting Oder එකේ ප්‍රශ්න ඉවරත් නැ…

ඉතිං KJP කියන්නේ මාර ප්ලෙයර් කෙනෙක් නෙමෙයි. හැබැයි ලංකාවේ මට්ටමෙන් බැලුවොත් ඉන්න ඕනි පිතිකරුවෙක් වගේම අපි අන්තිම අවස්ථාව වෙනකල් ඔහු කෙරෙහි විශ්වාස තැබුවාට පාඩු නැති ක්‍රීඩකයෙක්…
මොකද ඔහු ලෝකෙටම සනාථ කර තිබෙන තරග දිනවන්නෙක්…
✍️ | Rishie Bro







