පන්දුවාර 12යි කඩුලු 6ට ලකුණු 160යි..!
හැමෝම එකතු වෙලා ගොඩ නගපු ඉනිමක්…
කාලෙකට පස්සේ අපේ Batting unit එක එකා වගේ Support කරා අපේ ලකුණු පුවරුව ගොඩ නගන්න.
කැප්ටන් දස්සා…
මාරම Impact Inning එකක් ගැහුවේ අන්තිමට ඇවිත්,
බෝල 9ට ලකුණු 34ක්… හයේ පහරවල්ම 5ක්… ප්‍රහාරාත්මක වේගය 377.77ක්… ඕක නෙමෙයි මං මේ ඉනිම දැකපු Positiveම කෑල්ල…. දසුන්ගෙන් අපි මීට කලින් ඔය වගේ ඉනිම් දැකලා තියෙයි. හැබැයි ජනිත්ගේ inning එක special !
පෞද්ගලිකව මටත් බොහෝ ක්‍රිකට් ෆෑන්ස්ලටත් තිබුන ප්‍රශ්නයක් තමයි ජනිත් ලියනගේ පවත්ගෙන යන ස්ට්‍රයික් රේට් එක… අද ඉනිම දිහා දැක්කම හිතෙනවා අපිට සෑහෙන හොඳ විදිහට මෙයා ගැන හිතන්න පුළුවන් වෙයි කියලා… හැබැයි මේවා කන්සිස්ටන්ට් වෙන්න ඕනි.. ඒක තමයි වැදගත්… අද අංක හතට බැට් කරන්න ඇවිත් බෝල 8කට නොදැවී ලකුණු 22ක් ගහනවා. ස්ට්‍රයික් රේට් 275ක්… Well Done BOYS!
✍ | Rishie Bro







