ජාත්‍යන්තර ලකුණු 28,000 කඩයිමට ලගා වූ පිතිකරුවන් දෙන්නයි හිටියේ.. ඒ සචින් තෙන්ඩුල්කාර් සහ කුමාර සංගක්කාර… දැන් මේ දුර්ලභ කඩයිමට තවත් විශිෂ්ටයෙක් පියමං කරනවා…!
ඒ තමයි විරාට් කෝලි…❤️
ඒ අතරිනුත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වේගයෙන්ම මේ කඩයිමට ලගා වෙන්න සමත් වුනේ කෝලි… කෝලිට මේ ඓතිහාසික කඩයිමට ලගා වෙන්න වැය වුනේ ජාත්‍යන්තර ඉනිම් 624යි.
ජාත්‍යන්තර පිටියේ වැඩිම ලකුණුලාභින් අතර පිතිකරන සාමාන්‍යය 50+ තියාගෙන ඉන්න පිතිකරුවෙක් පේන මානෙක නැ… ඉන්නේ එක්කෙනයි..
ඒ තමයි රජ කෝලි..👑
ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සමස්ත පිතිකරන සාමාන්‍යය දැක්වෙන්නේ 52.58ක් විදිහට…
ඒ වගේම දැන් කෝලි දෙවෙනි වෙන්නේ ඉන්දියාවේ ක්‍රිකට් දෙවියා සචින් තෙන්ඩුල්කාර්ට විතරයි…! ජාත්‍යන්තර ලකුණු 28016ක් ලබාගෙන දෙවැනි වැඩිම ජාත්‍යන්තර ලකුණුලාභියා ලෙස හිටපු කුමාර සංගක්කාර අභිබවා යන්නත් කෝලි අද සමත් වුනා..!
ආයේ ලංකාවට සංගක්කාරලා බිහි වෙන්නේ නෑ වගේම තමයි
ආයේ විරාට් කෝලිලා මේ ලෝකෙට බිහි වෙන්නෙත් නැ…
ඒ තරමටම ඔවුන් ක්‍රිකට් පිටියේ අසමසම පුරාවෘත්ත..🙇
✍ | Rishie Bro







