දෙසැම්බරුත් වැටුණා – ජනවාරියේ විදෙස් සංචිත ඩොලර් මිලියන 422කින් පහල වැටිලා.විදේශ මුදල් සංචිත වැඩිකර ගත යුතුයි – මහාචාර්ය වසන්ත අතුකෝරළ
මහබැංකුව සතු විදේශ සංචිත පසුගිය මාසයේදී ඩොලර් මිලියන 422කින් පමණ පහළ ගොස් ඇති බව මහබැංකු වාර්තා හෙළිකර ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ අධ්‍යක්ෂ, මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පැවැසීය.
2024 නොවැම්බර් අවසන් වනවිට මහබැංකුව සතු විදේශ මුදල් සංචිත ඩොලර් මිලියන 6,408ක් ලෙස පැවැතිණි.
එහෙත් 2024 දෙසැම්බර් අවසන් වනවිට එය ඩොලර් මිලියන 6,044 දක්වා පහළ යන අතර, 2025 ජනවාරි අවසන් වනවිට මහබැංකුව සතු විදේශ මුදල් සංචිත ඩොලර් මිලියන 5,986ක් දක්වා තවදුරටත් පහළ යෑමක් පෙන්නුම් කරයි.
2024 වසර තුළ මහබැංකුව සතු විදේශ මුදල් සංචිත යම් ස්ථාවර මට්ටමක් කරා ගමන් කළත්, එය නැවතත් ක්‍රමයෙන් පහළ යෑම රටේ අනාගත ආර්ථික ස්ථාවරත්වය සඳහා සුබවාදී බලපෑමක් ඇති නොකරයි.
කෙසේ වුවද වර්තමානයේදී මහබැංකුව සතු ඩොලර් මිලියන 5,986ක් වන විදේශ විනිමය සංචිත තුළ චීනයෙන් හුවමාරු ක්‍රමයට ලබාගත් ඩොලර් මිලියන 1,400කට ආසන්න මුදල්ද පවතී.
ඒ අනුව එම මුදල් ප්‍රමාණය මහබැංකුව සතුව පවතින විදේශ මුදල් සංචිතවලින් අඩු කළහොත් සත්‍ය වශයෙන් මහබැංකුව සතුව පවතින්නේ ඩොලර් මිලියන 4,550කට ආසන්න විදේශ මුදල් සංචිත ප්‍රමාණයකි.
එය රටට අවශ්‍ය භාණ්ඩ ගෙන්වීම සඳහා වැය කරන මුදල් ප්‍රමාණය සමග සැසඳුවහොත් මාස තුනකටවත් අවශ්‍ය භාණ්ඩ රටට ගෙන්වීම සඳහා පමණක් ප්‍රමාණවත් වේ.
අනාගතයේදී විදේශ ණය ගෙවීම ක්‍රමයෙන් වැඩිවන නිසා මහ බැංකුව සතු විදේශ මුදල් සංචිත ප්‍රමාණය ක්‍රමයෙන් වැඩිකර ගැනීම සඳහා ක්‍රියා කළ යුතුව ඇති බවද මහාචාර්යවරයා සඳහන් කළේය.
ප්‍රේමලාල් විජේරත්න
උපුටා ගැනීම : මව්රට