BREAKING NEWS
Search

ලොව ධනවත්ම ඊලෝන් මස්ක්ගේ දරුවන්ට ඉන්දීය අගමැති මෝදි දුන්න තෑගි..!

48

අමෙරිකාවේ සංචාරයක නිරත ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ලොව ධනවත්ම පුද්ගලයෙකු ලෙස සැලකෙන ඊලෝන් මස්ක් හමුවිය.

මෝදි හමුවීම සඳහා මස්ක් සිය දරුවන් සමග පැමිණ සිටීම විදෙස් මාධ්‍ය වැඩි අවධානයක් දෙමින් වාර්තා කර තිබුණි.

එහිදී දරුවන් වෙනුවෙන් මෝදි ත්‍යාග රැගෙනවිත් තිබීම ද විශේෂත්වයක් විය.

මෝදි – ට්‍රම්ප් ගිවිසුමක් ගැන දැඩි අවධානයෙන්

දෙදින නිල සංචාරයක් සඳහා අමෙරිකාවට ගොස් සිටින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවිය.

ඒ ධවල මන්දිරයේදීය.

එහිදී නායකයින් දෙපළ ද්විපාර්ශ්වීය සාකච්ඡා වටයකට එක්වී තිබේ.

එම සාකච්ඡාවලින් අනතුරුව නායකයින් දෙපළ ඒකාබද්ධ මාධ්‍ය හමුවකට ද සහභාගී වී තිබිණි.

එහිදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කළේ වොෂින්ටනය සහ නවදිල්ලිය “අන්‍යොන්‍ය වශයෙන් වාසිදායක වෙළඳ ගිවිසුමක්” අවසන් කිරීමට උත්සාහ කරන බවය.

මෝදිව ධවල මන්දිරය වෙත පිළිගනිමින් ට්‍රම්ප් පවසා ඇත්තේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දීර්ඝ කාලයක සිට තමාගේ හොඳ මිත්‍රයෙකු බවය.

ට්‍රම්ප් සිය දෙවන ධුර කාලය සඳහා බලයට පත්වීමෙන් පසු දෙරටේ නායකයින් අතර සිදුවන පළමු හමුව මෙයවේ.

සිය සංචාරයේදී ඉන්දිය අග්‍රාමාත්‍යවරයා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතුළු අමෙරිකානු රජයේ ඉහළ නියෝජිතයින්, ව්‍යාපාරිකයින් මෙන්ම එරට සිටින ඉන්දීය ප්‍රජාව ද හමුවීමට නියමිතය.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මෙලෙස අමෙරිකාවට පැමිණ සිටින්නේ සිය තෙදින ප්‍රංශ සංචාරය අවසන් කිරීමෙන් අනතුරුවය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *