BREAKING NEWS
Search

GMOA රනිල් හමුවී පලපුරුදු අයෙක් අවශ්‍ය බව කියයි – රජයේ සේවක වැටුප ගැන IMF එකගතා GMOA අතට

56

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර විශේෂ හමුවක් කොළඹ මල් පාරේ පිහිටි රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්යාලයේදී අද දහවල් පැවැත්විණි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති, වෛද්‍ය සංජීව තෙන්නකෝන්, ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස, මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ ඇතුළු එම සංගමයේ විධායක සභාවේ පිරිසක් මෙම හමුවට සහභාගී වූ අතර රජයේ වෛද්‍යවරුන් හට වර්තමානයේ පැන නැගී ඇති ගැටළු පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණි.

අමතර රාජකාරී දීමනාව ලෙස පැයකට ගෙවනු ලැබූ 1/80 අගය වෛද්‍යවරුන්ට සුවිශේෂණ සේවාව ආවේණික අගයක් බැවින් ඉතිහාසයේ මෙතෙක් සිදු වූ පරිදි මූලික වැටුප සංශෝධනය සමග එම 1/80 අගය නොවෙනස්ව පවත්වා ගැනීම, නිවාඩු දින, ඉරිදා දිනවල සේවයේ යෙදීම වෙනුවෙන් ගෙවනු ලබන මෙතෙක් පැවති 1/20 අගය අනුව පවත්වාගෙන යාම,2025 අයවැය ලේඛනයේ ධනාත්මක කරුණක් වන රාජ්‍ය සේවයේ මූලික වැටුප් ඉහළ නැංවීමේ තීරණය එළෙසම ක්‍රියාත්මක කිරීම, වෛද්‍ය වෘත්තිය සහ වෛද්‍ය සේවාව වෙනුවෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ලබාදී ඇති යෝජනා සහ වැඩසටහන් ක්‍රියාවලිය සළකා බැලීම වෛද්‍ය සංගමය ඉදිරිපත් කළ යෝජනා අතර වෙයි.

ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබාදුන්නේ, 2022, 2023 සහ 2024 කාල වකවානුව තුළ සමස්ත රාජ්‍ය සේවකයන්ට හානියක් නොවන පරිදි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කරන ලද සාකච්ඡාවලදී ගත් තීන්දු තීරණවල වාර්ථාවක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට ලබා දෙන ලෙසය.

ඒ අනුව එස්. සමරතුංග මහතා දින දෙකක් තුළදී එම සියලු තොරතුරු ලබා දෙන බවත් ප්‍රකාශ කරන ලදී.

සාකච්ඡාවෙන් අනතුරුව වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රනිල් වික්‍රමසිංහ මහතා අමතමින්

“ඔබතුමා වැනි පලපුරුදු නායකයෙක් මේ වෙලාවේ පාර්ලිමේන්තුව නියෝජනය කළොත් හොඳයි” යනුවෙන් පැවසීය.

“නෑ.. මම දැන් බලාගෙන ඉන්නවා මේ මොනවද වෙන්නේ කියලා, නමුත් ඔයගොල්ලන්ට අවශ්‍ය ඕනෑම සහයෝගයක් මා ලබා දෙන්නම්” යැයි රනිල් වික්‍රමසිංහ මහතා ඊට පිළිතුරු ලෙස පැවසීය.

– unp  Media unit




Leave a Reply

Your email address will not be published. Required fields are marked *