BREAKING NEWS
Search

ටොයොටා අලුත්ම වාහන තොග ගොඩබායි.. අලුත්ම KDH කෝටි එකහමාරයි.. වසර 10 පැරණි KDH වෙලදපලේ කෝටි දෙකයි..!

101

ආනයන සීමා ලිහිල් කිරීමෙන් පසු සංචාරක කාණ්ඩයේ වාහන සඳහා ටොයොටා ලංකා වාහන පළමු තොගය මෙරටට ආනයනය කර තිබේ.

ඒ අනුව බස් සහ වෑන් රථ මෙරටට මාස හතරක කාලයක් ඇතුළත සාර්ථකව ආනයනය කරන ලද බව එම සමාගම නිවේදනය කරයි.

ඉදිරියේදී තවත් බොහෝ වාහන අනනය කිරීමට බලාපොරොත්තු වන බවද එම සමාගම කියයි.

මේ අතර වාහන ආනයනට පෙර ටොයොටා ලංකා සමාගම විසින් පූර්ව ප‍්‍රචාරක දැන්වීම් වල සදහන් කර තිබුනේ ලක්‍ෂ 150ක මුදලකට අලුත්ම ටොයොටා වෑන් රථයක් හා ලක්‍ෂ 170කට අලුත්ම ටොයොටා බස් රථයක් අලෙවි කරන බවත්ය.

මෙම මිල නියම කර ඇත්තේ වසර දහයක් පමණ පැරැණි මෙම කාණ්ඩයේ වෑන් රථ රුපියල් කෝටි දෙකකට ආසන්න මිලකට අලෙවි කරමින් ඇති පසුබිමකදීය.

ශ්‍රී ලංකාවට වසර හතරක පමණ කාලයක් තිස්සේ වාහන ආනයනය අත්හිටුවා තිබුණේ විදේශ විනිමය අර්බුදය හේතුවෙනි.

ඒ හේතුවෙන් මෙරට භාවිතා කරන වාහන වල මිලද අසාමාන්‍ය ලෙස ඉහල නංවා ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *