BREAKING NEWS
Search

පාප්වහන්සේට අවසන් ගෞරවය දක්වන්න කවින්ද , හෙක්ටර් යයි

58

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට අවසන් ගෞරව දැක්වීම සඳහා සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් වන කාවින්ද ජයවර්ධන සහ හෙක්ටර් අප්පුහාමි මහත්වරුන් වතිකානයට ගොස් තිබේ.

ශ්‍රී ලංකාවේ ජීවත් වන දෙකෝටි විසි ලක්ෂයක ජනතාව වෙනුවෙන් තමන් පාප් වහන්සේට ගෞරවය පුද කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා වතිකානයේ සිට මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් පැවසීය.

පාප් වහන්සේ ශ්‍රී ලාංකිකයන් කෙරෙහි දැඩි ගෞරවාදරයකින් කටයුතු කළ බවද කාවින්ද ජයවර්ධන මහතා එහිදී සඳහන් කළේය.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව පාප් වහන්සේ ශ්‍රී ලංකාව වෙනුවෙන් යාඥා කළ බවද කාවින්ද ජයවර්ධන මහතා කීය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *