අමෙරිකා සහ ඊශ්‍රායල එක්ව ක්‍රියාත්මක කළ දැවැන්ත ප්‍රහාරවලින් ඉරානයේ පාලන හා ආරක්ෂක ව්‍යුහයට දැඩි පහරක් වැදුණි. විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ, මෙම ප්‍රහාරවලින් සමස්තයෙන්ම ඉරාන නිලධාරීන් 40 ක් පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
මෙම මියගිය ප්‍රධාන නිලධාරීන් අතර:
ඉරානයේ උත්තරීතර නායකයා – අයතුල්ලා අලි කමේනි
28 වැනිදා උදෑසන, ටෙහෙරානයේ ඔහුගේ නිල කාර්යාලයට එල්ල වූ ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්ව ඇත.
ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ ගොඩබිම් හමුදාපති – ජෙනරාල් මොහොමඩ් පක්පූර්
ඉරාන ජාතික ආරක්ෂක උපදේශක – අලි ෂම්කානි
ඉරාන ආරක්ෂක අමාත්‍ය – අසීස් නසීර්සාදේ
ඉහත නායකයන්ගේ අහිමිවීමෙන් ඉරානයේ හමුදා හා දේශපාලන ව්‍යුහයට මහා පහරක් වැදුණි. විශේෂයෙන් උත්තරීතර නායකයා සහ ආරක්ෂක අංශ ප්‍රධානීන් එකවර ජීවිතක්ෂයට පත්වීම, ඉරානය තුළ දැවැන්ත පාලන හිස්තැනක් නිර්මාණය කර ඇති බව වාර්තා වල සඳහන් වේ.
මෙම සිද්ධියෙන් මැදපෙරදිග ආරක්ෂක තත්ත්වය තවත් උරගාහී වී ඇති අතර, ජාත්‍යන්තර වාර්තාකරුවන් සහ විශ්ලේෂකයන් මෙම සිදුවීම ඉතාමත් මහා බලපෑමක් ඇති බවට විශ්ලේෂණය කර ඇත.







