BREAKING NEWS
Search

කුඩා දරුවාට පහරදුන් කුකුල් චමින්ද අත්අඩංගුවට – බිරියන් දෙදෙනාත් අත්අඩංගුවට..

329

සමාජ මාධ්‍ය ජාලාවල ප්‍රචාරය වූ කුඩා ළමයෙකුට කෑඹ කමින් සිටියදී පහරදෙන විඩියෝවට අදාල ප්‍රධාන සැකකාර පුද්ගලයා වන කුකුල් චමින්ද නැමැත්තා සහ මෙම සිද්ධියට අනුබල දුන් කාන්තාවන් දෙදෙනා අද දින අලුයම පුල්මුඩේ,අරසිමලේ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගනු ලැබීය.

මේ අතර අමානුෂිකව පහරකෑමට ලක්වූ වින්දිත කුඩා දරුවාද සොයාගෙන ඇති අතර දරුවා යහපත් සෞඛ්‍ය තත්වයේ පසුවන බවටද පොලීසිය පැවසීය.

වැලිඔය සම්පත්නුවර පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් පුල්මුඩේ පොලිස් විශේෂ කාර්‍ය බලකා නිලධාරීන් සහ මුලතිව් කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන්ගේ සහාය ඇතිව සිදුකරන ලද ඒකාබද්ද මෙහෙයුමකදී සැකකරුවන් මෙලෙස අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.

අත්අඩංගුවට ගත් පිරිස සමග වයස අවුරුදු 4 ක් හා මාස 06 ක් පමණ වන පහරකෑමට ලක්වූ වින්දිත පිරිමි දරුවාද නිරුපද්‍රිතව සිටින අතර, මේ වන විට දරුවා පොලිස් භාරයේ ආරක්ෂිතව පසුවේ.

ඒමෙන්ම සැකකරුගේ බිරිඳ මෙන්ම අනියම් බිරිඳක් යැයි පැවසෙන අවුරුදු 36 සහ 46 ක් වයසැති වැලිඔය කල්‍යාණපුර ප්‍රදේශයේ පදිංචි කන්තාවන් දෙදෙනෙකුද පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකාර 45 හැවිරිදි කුකුල් චමින්ද නැමත්තා මේ වන විට වැලිඔය පොලිස් ස්ථානයට රැගෙනවිත් ස්ථානාධිපති ප්‍රධන පොලිස් පරික්ෂක ලක්මාල් ඇඹුලගම මහතා ඇතුලු නිලධාරීන් පිරිස විසින් අධිකරණයට ඉදිරිපත් කිරීම උදෙසා අවශ්‍ය නීතිමය පියවර ගැනීමට කටයුතු කර ඇත.

– වන්නි රොමේෂ් මධුෂංක




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!