ව්‍යසනකාරි අවස්ථාවේදී සාම්ප්‍රදායික විපක්ෂයකට සීමා නොවී, ආපදාවට ලක් වූ ජනතාවට සහන සැලසීම වෙනුවෙන් සියලුදෙනා කැපවිය යුතු බව සර්ව ජන බලය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පැවසීය. ආපදාවට ලක් වූ ජනතාව වෙනුවෙන් සහනාධාර බෙදාදීමේ අවස්ථාවකට පෙරේදා (03) එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.
මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය.
රජයේ සිදු වූ අඩුපාඩු ගැන කතා නොකර තමන්ට කළ හැකි දෑ කිරීමට අපි මේ මොහොතේ කටයුතු කරනවා. විපක්ෂයේ සියලු මන්ත්‍රීවරු එකතු වෙලා මුලින්ම අපට තිබෙන ගැටලු ටික අවබෝධ කරගන්න කටයුතු කළා. එය ජනතාවට දැනුම්වත් කරනවා. ඒ වගේම අපේ ශක්ති ප්‍රමාණයෙන් කරන්න පුළුවන් උදවු සියල්ල කරනවා ජන ජීවිතය ගොඩනඟන්න. දත්ත ලබා ගැනීම පිළිබඳ ප්‍රශ්නයක් තිබෙනවා. දත්ත පිළිබඳ ප්‍රශ්නයක් තිබෙනවා. මේ වගේ තත්ත්වයක් තුළ අපි කැමැති නැහැ අඩුපාඩු කතා කරන්න.
නුවන් කොඩිකාර
Source – Dinamina







