BREAKING NEWS
Search

මේ දවස්වල කෙල්ලෝ පිස්සු වැටිලා ඉන්න සයාගිට තාම ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් නෑලු… මෙන්න එයා ඒ ගැන කියපු කතාව.

1172

හිරු බලන ඔබට ඔහුව හොඳටම සුපුරුදු ඇති..අපේ හිරු ස්ටාර් වේදිකාවෙන් කාගේත් ආදරය දිනාගත්ත මේ කඩවසම් කොල්ලට තරුණියන් මොන තරම් නම් කැමතියිද..?

අපේ හිරු වේදිකාව හරහා බිහිවුණු අපූරු තරුවක්… පිස්සු හැදෙන ලස්සනම ලස්සන හිනාවක්… කෙල්ලො මේ දවස්වල වශී වෙලා ඉන්න සයාගී තමයි අද අපිත් එක්ක කතාබහට එකතු වුණේ…

ඉතින් මේ දවස්වල මොකද කරන්නේ?

මේ දවස් වල රොන් සොයා ඩ්‍රාමා එකේ ශූටින් තියෙනවා.. ඒවගේම මගේ කොන්සට්වල වැඩ තියෙනවා…. ඒවා තමයි මේ ටිකේ වැඩ…

ඔයාගේ පවුලේ විස්තර දැනගන්න කැමති අය හුඟක් ඉන්නවා ඒ නිසා ඒ ගැන කියමු ?

මට ඉන්නවා අම්මා තාත්තා සහ නංගිලා තුන්දෙනෙක්. අම්මා විදේශගත වෙලා ඉන්නේ. මේ අවුරුද්දේ දෙසැම්බර්වල අම්මා ලංකාවට එනවා. අප්පච්චි නංගිලායි ඉන්නේ කුරණෑගල… මම ඉන්නේ රාගම …

ජීවිතේ වැඩිපුරම සතුටු වුණේ කවද්ද?

වැඩිපුරම සතුටු වුනේ …. ම්… වැඩිපුරම සතුටු වුණේ ඉතිං ගොඩාක් දුරට හැම දවසක්ම සතුටින් ගෙවන්න තමයි බලන්නේ… මෑතකදි මට අමතක නොවන මතකයක් ජිවිතේට එකතු වුණා.. ඒ විරාජ් වැලිවත්ත සර් කෝල් කරලා මාව රොන් සොයා ඩ්‍රාමා එකට සිලෙක්ට් කරගත්තා කියලා කියපු දවස …. මම හුඟාක්ම සතුටු වුණ දවස තමයි ඒ…

ජීවිතේ වැඩිපුරම දුක් වුණේ කවද්ද?

ඔව්… මගේ සීයා නැති වුණා… මගේ අප්පච්චිගේ තාත්තා… එයාට මම හුඟාක් ආදරෙයි… ඒ අහිමි වීම මගේ ජිවිතේ මට අමතක කරන්න බැරි දුක්බරම මතකයක්…

ඔයා කන්න කැමතිම කෑම ?

ඩම්ප්ලින්ස්

ඔයා කැමතිම ගීතය?

මම ආසම කරන ගීතයක් කියන්නේ මම English අහනවා ගොඩක්… Justin Bieber ගේ සිංදුවකට මාරම කැමතියි … මම එයාගේ සිංදු අහනවා.. එයාගේ Believe කියන ඇල්බම් එකේ Believe Song එකට මම මාරම කැමතියි.. එකේ තේරුමට , මෙලඩි එකට මම කැමතියි…

ඔයාගේ හොඳම ගතිගුණය ?

මම ගොඩක් මම ආශ්‍රය කරන කෙනෙක්ව තෙරුම්ගන්න හදනවා … මම මගේ විදියට නැතුව ඒ කෙනාගේ විදියට එයාව තේරුන් ගන්න බලනවා… එතකොට මට ඒ අයව හුඟාක් සුහදශීලිව ආශ්‍රය කරන්න පුළුවන්නේ… ඒක තමයි මගේ හොඳම ගතු ගුණය …

ගෙදරින් එළියට යනකොට ඔයාට අත්‍යාවශ්‍ය දේවල් තුනක් ?

ෆෝන් එක , එයා පොඩ්ස් ඕනි , සන්ග්ලාස් ඕනි…

ඔයාට පෙම්වතියක් ඉන්නවද ?

නැහැ…

එහෙමනම් කියන්න බලන්න ඔයා ආදරේ කරන්න හොයන ගෑණු ළමයෙක්ගෙන් ඔයා දකින්න කැමති ගතිගුණ 3 ක් ?

ගති ගුණ තුනක් … ම්.. මම කැමතියි මාව තේරුම්ගන්න කෙනෙක්ට , දෙන්නා අතරේ තියෙන රෙස්පෙක්ට් එකට මම කැමතියි.. ඒ වගේම කෙයාරින් එකට… මම හොයන ගර්ල්ගෙන් මම බලාපොරොත්තු වෙන්නේ ඒ දේවල්…

ඔයා කලාවට නාවනම් කවුරු වේවිද ?

මම ඉස්සර ඒ කියන්නේ පොඩි කාලේදිත් හීන දැක්කේ ගායකයෙක් වෙනවා කියන එක… ඊට අමතරව ගත්තොත් සොෆ්ට්වෙයා ඉන්ජිනියර් කෙනෙක්…

හැබෑ කරගන්න දකින හීනයක් තියෙනවද ?

මගේ song එකක් ලොකු ක්‍රවුඩ් එකකට sing කරලා ඒ ක්‍රවුඩ් එක මගේ song එක sing back කරන එක එක්ස්පිරියන්ස් කරන්න ආසයි….

ඉතිං සයාගීගේ ජිවිතේ සිහින සැබෑවෙන්න කියලා අපි විශ් කරනවා….

බලන්නකෝ මේ සුන්දර යෞවනයාගේ ලස්සනම සේයා රූප කිහිපයක්

Credit – Hiru Gossip




Leave a Reply

Your email address will not be published. Required fields are marked *