BREAKING NEWS
Search

මන්නාරම සුළං ව්‍යපෘතිය ඉදිරියට ගෙන යාමට කැමතියි – අදානි සමාගම දන්වයි

275

මන්නාරම මෙගාවොට් 484 ක සුළං විදුලි ව්‍යාපෘතිය ඉදිරියට ගෙනයාමට කැමැත්තෙන් පසුවන බව අදානි ග්‍රීන් එනර්ජි ශ්‍රී ලංකා සමාගම බලශක්ති අමාත්‍යාංශයට දැනුම්දී තිබේ.

ඒ, මීට පෙර ඇතිකර ගෙන තිබු අනුමැතීන්ට යටත්ව යි.

වසර දෙකක දීර්ඝ සාකච්ඡාකට පසුව ගාස්තු සඳහා ශ්‍රී ලංකා රජය අනුමැතිය ලබාදෙන තෙක් මෙගාවොට් 484 ක සුළං පුනර්ජනනීය උත්පාදන ව්‍යාපෘතිය සහ කිලෝ වෝල්ට් 220 ක සහ 400 ක සම්ප්‍රේෂණ ජාලකරණ පුළුල් කිරීමේ ව්‍යාපෘති දෙක ඇතුළු ඒ ආශ්‍රිත සම්ප්‍රේෂණ සබඳතා අතී නවීන තාක්ෂණය යොදා ගනිමින් අවසන් කිරීමට අදානි ග්‍රීන් එනර්ජි ශ්‍රී ලංකා සමාගම උත්සාහ කළ බව බලශක්ති අමාත්‍යාංශයට දන්වා ඇත.

නව රජයේ තීරණය දැනුම්දෙන තෙක් ඉවසිලිවන්තව බලා සිටියත් කිසිම නිල සන්නිවේදනයක් රජයේ පාර්ශ්වයෙන් නොලැබීම හේතුවෙන් සිය සාමාගම මන්නාරම් සුළං විදුලි බලාගාර ව්‍යාපෘතියෙන් ඉවත්වීමට තීරණය කළ බව අදානි ග්‍රීන් එනර්ජි ශ්‍රී ලංකා සමාගම බලශක්ති අමාත්‍යාංශයට දැනුම් දී තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!