BREAKING NEWS
Search

මන්ත‍්‍රිලාට වාහන හෝ බලපත‍්‍ර නෑ – රජයේ නිලධාරීන්ට වාහන දීමනාවක් – රජය විසින් නව සංවර්ධන බැංකුවක්.

70
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වාහන හෝ වාහන බලපත්‍ර ලබා නොදෙන බව ජනාධිපති අනුර දිසානායක මහතා සඳහන් කරයි.
මෙවර අයවැයෙන් ඒ සඳහා මුදල් වෙන් කිරීමක් සිදු කර නැති බවද ඔහු සඳහන් කළේය.
රජයේ ඉහළ නිලධාරීන්ට වාහන දීමනාවක් ලබාදීමට කටයුතු කරන බවද ඔහු පැවසීය.
පාර්ලිමේන්තුවට අයවැය යෝජනාව ඉදිරිපත් කරමින් ඒ මහතා මේ බව පැවසුවේය.
රජය විසින් නව සංවර්ධන බැංකුවක්.

රජය විසින් නව සංවර්ධන බැංකුවක් පිහිටුවීමට කටයුතු කරමින් සිටින බවත් පළමු පියවර ලෙස දැනට පවතින රාජ්‍ය බැංකු යාන්ත්‍රණය හරහා ස්ථාපිත කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා සඳහන් කරයි.

ජාතික ණය ඇපකර ආයතනය හරහා රජය විසින් මෙම ආයතනයට සහය දෙන බවත් ඔහු පැවසීය.

මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති ආණ්ඩු දිසානායක මහතා අද පාර්ලිමේන්තුවට අයවැය යෝජනාවලිය ඉදිරිපත් කරමින් මේ බව පැවසුවේය.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *