BREAKING NEWS
Search

රට හදන වගකීම ගැන කතා බස් කරමින් මහින්ද , රනිල් එක්ක උමංදාව වැඳපුදා ගනී..!!

32

ටපු ජනාධිපතිවරුවන් වන මහින්ද රාජපක්ෂ මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා අද (25) උමංදාව බෞද්ධ විශ්ව ගම්මානයේ පිංකම් මාලාවක් සඳහා සහභාගී වී තිබේ.

පූජ්‍ය සිරි සමන්තභද්‍ර ස්වාමීන් වහන්සේගේ පනස් වන ජන්ම දිනය නිමිත්තෙන් උමංදාව බෞද්ධ විශ්ව ගම්මානයේ මෙම පිංකම් මාලාවක් සංවිධානය කර තිබූ බව සඳහන් වේ.

මහා සංඝරත්නය වෙනුවෙන් සංඝගත දක්ෂිණාවක් පිරිනැමුණු අතර ද එම අවස්ථාවට තමන්ට සහභාගී වූ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය Facebook ගිණුමේ සටහනක් තබා තිබුණි.

මහින්ද රාජපක්ෂ එහි වැඩිදුරටත් සඳහන් කර තිබුණේ, ආසියාවේ විශාලතම උමං විහාරය මත වැඩ සිටින සති කිහිපයකට පෙර අභිනවයෙන් නිරාවරණය කරන ලද අප රටෙහි විශාලතම සැතපෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ මහත් බැති සිතින් වැඳපුදා ගත් බවය.

එමෙන්ම මෙම අවස්ථාවට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක් ද දායක කාරකාදීන් ද සහභාගී වී සිටි බව එම Facebook සටහනේ සඳහන් වේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *