BREAKING NEWS
Search

“Mayday, Mayday…” ලොවක් සංවේදී කල Air India අනතුරේ නියමුවාගේ අවසන් පණිවුඩය…

5591

අහමදාබාද් සිට ගුවන්ගත වී තත්පර 36 කට පසු අනතුරට පත් වූ ලන්ඩන් බලා යන එයාර් ඉන්දියා ගුවන් යානයේ AI-171 ගුවන් නියමුවන් පස්වරු 1.39 ට ගුවන් ගමනාගමන පාලක මණ්ඩලයට අවසන් ගුවන් විදුලි පණිවිඩයක් යැවූ බව ගුවන් සේවා අමාත්‍යාංශය සදහන් කරනවා.

ගුවන් යානය අඩි 650 ට වඩා ඉහළට නැඟීමට අපොහොසත් වීමෙන් පසු නියමුවන් ආපදා ඇමතුමක් ලබා දුන් බවයි එම අමාත්‍යාංශය පවසන්නේ.

නමුත් ගුවන් සේවා පාලක මැදිරියේ ප්‍රතිචාරවලට පිළිතුරක් නොලැබුණු අතර ඒ වන විට යානය කඩා වැටී ඇති බවයි දැක්වෙන්නේ.

“මේඩේ, මේඩේ…” යනු අධික ලෙස ඉන්ධන පිරවූ බෝයිං 787-8 ඩ්‍රීම්ලයිනර් ගුවන්තොටුපළ අසල නේවාසික ප්‍රදේශයක පිහිටි විද්‍යාල සිසුන්ගේ නේවාසිකාගාරයකට කඩා වැටීමට පෙර කපිතාන් සුමීත් සබර්වාල් සහ ඔහුගේ කාර්ය මණ්ඩලයේ අවසාන වචන විය.

“ප.ව. 1.39 ට ගුවන් ගත වූ ගුවන් යානය තත්පර කිහිපයක් ඇතුළත අඩි 650 ක් පමණ උසකට ළඟා වූ පසු ගිලෙන්නට පටන් ගත්තේය, එනම් උස අඩු වීමට පටන් ගත්තේය. නියමුවා අහමදාබාද් ගුවන් සේවා මධ්‍යස්ථානයට දැනුම් දුන්නේ එය ‘මේඩේ’, එනම් සම්පූර්ණ හදිසි අවස්ථාවක් බවයි. ගුවන් සේවා මධ්‍යස්ථානය සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ විට එයට ප්‍රතිචාරයක් නොලැබුණි.”

ඉකුත් බ්‍රහස්පතින්දා සිදු වූ මෙම බිහිසුණු ගුවන් අනතුරෙන් යානයේ සිටි ගුවන්කාර්ය මණ්ඩලය ඇතුළු පුද්ගලයින් 241ක් දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර, එක් අයෙකු පමණක් දිවි බේරාගත්තේය.

hiru gossip




Leave a Reply

Your email address will not be published. Required fields are marked *