BREAKING NEWS
Search

ඇමති වාහන 2ට සීමා කරයි – හිටපු ජනපති මහින්දත් රජයේ වාහන බාර දෙන්න යයි

49

ඇමති වාහන 2කට සීමාකරයි.

අමාත්‍යවරයකුට පාවිච්චි කළ හැකි රජයේ වාහන සංඛ්‍යාව දෙකකට සීමා කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

හිටපු ජනාධිපතිවරුන්ටද හිමිවන්නේ කැබිනට් අමාත්‍යවරයකුට හිමි වරප්‍රසාද පමණක් වන බැවින් අදාල චක්‍රලේඛයට අනුකූලව හිටපු ජනාධිපතිවරුන්ටද රජයේ වාහන දෙකක් පමණක් තබාගෙන ඉතිරි ඒවා නැවත බාරදීමට සිදුවනු ඇතැයි රජයේ ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවසීය.

ජාතික ජන බලවේග රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසූයේ තම රජයේ අමාත්‍යවරුන් චක්‍රලේඛ තිබුණත් නැතත් රජයේ වාහන අවභාවිතයක් නොකරන බවයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රකාශකයෙක් පැවසූයේ ඉදිරි සතිය ඇතුලතදී මහින්ද රාජපක්ෂ මහතා භාවිතා කරන රජයේ වාහන අදාල චක්‍රලේඛයට ගරු කරමින් යළි බාර දීමට කටයුතු කෙරෙනු ඇති බවයි.

අංජුල මහික වීරරත්න




Leave a Reply

Your email address will not be published. Required fields are marked *