BREAKING NEWS
Search

ඉරාන ජනාධිපති මන්දිරය, අයතුල්ලා කාර්යාලය නැතිවෙන්නම මිසයිල ගහයි..

865

 

ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට ගුවන් සහ මුහුදු මාර්ගයෙන් එල්ල කළ එක්සත් ප්‍රහාර සමගම මැද පෙරදිග කලාපය පුරා යුද්ධ තත්ත්වයක් පැන තිබේ. මේ මෙහෙයුම් “Operation Epic Fury” සහ “Operation Roaring Lion” යන නාමයන් යටතේ සිදුකර ඇති අතර, ඉරානය පුරා 30 කට අධික ඉලක්ක සෘජු ප්‍රහාරයට ලක්වී ඇත.

වාර්තා වන පරිදි, ඉරාන ජනාධිපති මන්දිරය, උත්තරීතර නායක අයතුල්ලා කමේනිගේ කාර්යාලය, බුද්ධි අමාත්‍යාංශය සහ ආරක්ෂක අමාත්‍යාංශය ඇතුළු ප්‍රධාන රජයේ ගොඩනැගිලි රැසක් තර්ජනයට ලක්වී ඇත. පර්චින් සහ බැලස්ටික් මිසයිල පහසුකම් පිහිටි බටහිර කලාප ද මේ ප්‍රහාරයට සම්බන්ධ වී ඇත.

ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ආරක්ෂිත ස්ථානයකට මාරු වී ඇති බව රොයිටර් පුවත් සේවය සඳහන් කරයි.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ, ඉරානයේ දිගු දුර මිසයිල හා න්‍යෂ්ටික වැඩසටහන් ලෝකයට එල්ල කරන තර්ජනය පාලනය කිරීම සඳහා මෙම ප්‍රහාරය සිදුකල බවයි. ඔහු “අවි බිම තබන්න, නැතහොත් මරණයට මුහුණ දෙන්න” යන පණිවිඩයත් එක්ක ඉරානයට අනතුරු අඟවා ඇත.

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසන්නේ, මෙහි අරමුණ ඉරානයෙන් එල්ල වන “පැවැත්ම පිළිබඳ තර්ජනය” ඉවත් කිරීම බවයි.

ඉරානය සහ හිස්බුල්ලා, හූති සංවිධාන එක්ව ප්‍රතිචාරයක් ලෙස ටෙල්අවිව් නගරය ඉලක්ක කරමින් මිසයිල වර්ෂාවක් එල්ල කර තිබේ. ඉරාන රජය පවසන්නේ මෙය “දරුණු” ප්‍රතිප්‍රහාරයක ආරම්භයක් පමණක් බවයි.

වත්මන් තත්ත්වය හේතුවෙන් ඉරානය සහ ඊශ්‍රායල සිය ගුවන් සීමාවන් සිවිල් ගුවන් ගමන් සඳහා වසා දැමූ අතර, ඊශ්‍රායලය රට තුළ හදිසි නීතිය ප්‍රකාශයට පත් කර ඇත.

ටෙහෙරානය ඇතුළු නගරවල ජනතාව භීතියට පත්ව නගරවලින් පිටවීමට උත්සාහ කරන අතර, ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් ඇතිවී තිබේ.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!