කොංගෝවේ පතලක් කඩා වැටී 200කට වැඩි පිරිසක් ම..රුට

1651

නැගෙනහිර කොංගෝවේ පතලක් කඩාවැටී සිදුවූ අවාසනාවන්ත අනතුරකින් පුද්ගලයින් 200කට අධික සංඛ්‍යාවක් මියගොස් ඇති බව වාර්තා වේ.

මෙම ප්‍රදේශය කැරලිකරුවන් විසින් පාලනය කරන ප්‍රදේශයක් වන අතර, ඔවුන් විසින් පත් කරන ලද ආණ්ඩුකාරවරයාගේ ප්‍රකාශක මේ බව තහවුරු කර ඇත.

මෙම අනතුරට ගොදුරුවූවන් අතර කම්කරුවන්, කාන්තාවන් මෙන්ම ළමුන්ට සිට ඇත.

අනතුර සිදුවීමත් සමග කිහිප දෙනෙකු බේරාගෙන ඇති වුවත්, ඔවුන්ට බරපතළ තුවාල සිදුව ඇති බව සඳහන්.

මෙම පතල පවතින ප්‍රදේශයට මේ දිනවල වර්ෂාව ඇඳහැලෙන අතර, ඒ හේතුවෙන් පස් තට්ටු කඩාවැටෙන බව වාර්තා වේ.

කොල්ටන් ඛනිජ සපයන ප්‍රධානම පතලක් ලෙසින් සැලකෙන රුබායා පතලේ මෙම අවාසනාවන්ත අනතුර සිදුව ඇත.

ලොවට කොල්ටන් ඛනිජ අවශ්‍යතාවෙන් 15% ක් පමණ නිෂ්පාදනය කරන්නේ මෙම රුබායා පතලෙන් බව සඳහන්.

මෙම පතල 2024 සිට AFC/M23 නම් කැරලිකාර කණ්ඩායමේ පාලනය යටතේ පවතී.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!