BREAKING NEWS
Search

කඳ සුරිඳුන්ගේ ආශිර්වාදයෙන් අපේක්ෂා රෝහලට නව ජීවයක්..

313

 

 

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයට බැතිමතුන්ගෙන් සහ පරිත්‍යාගශීලීන්ගෙන් ලැබෙන පඬුරු මුදල් සහ ආධාරවලින් මහරගම අපේක්ෂා රෝහලේ ඉදි කළ නව මුළුතැන්ගෙය අද (06) විවෘත කෙරුණා.

රෝහලේ ප්‍රතිකාර ලබන සියලු රෝගීන්ගේ ආහාර අවශ්‍යතාව පෝෂදායිව නොමිලේ සපයා දීම පිණිස රජයේ රෝහලක ඉදිකළ ප්‍රථම නවීන මුළුතැන් කාමරය මෙය ලෙස හැඳින්විය හැකියි.

පසුගිය වසරේ ආරම්භ කළ මෙම සම්පූර්ණ ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 40 වැය කර ඇති අතර ඊට ශ්‍රී ලංකා යුද හමුදාවේ ශ්‍රමදායකත්වය ලැබී තිබුණා.

රුහුණු මහා කතරගම දේවාලයේ ධන පරිත්‍යාගයන් සහිතව ශ්‍රී ලංකා යුධ හමුදාවේ ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ රණවිරුවන්ගේ ශ්‍රම දායකත්වයෙන් රුපියල් ලක්ෂ 100කට ආසන්න මුදලක් වැයකර ඉදිකළ එකවර 2000 කට ආහාර පාන සැකසීම සදහා අංග සම්පූර්ණ නවීන පහසුකම්වලින් සමන්විතව මෙම මුළුතැන්ගෙය සකස් කර තිබෙනවා.

එම මුළුතැන්ගෙය, කුස්සිය හෙවත් ‘kitchen’ යන නාමය වෙනුවට ආහාරපාන දෙපාර්තමේන්තුව (Food and Beverages Department) ලෙස මෙහි පරිවර්තනය කර ඇති අතර නවීන ආකාරයට ආහාර පාන සැකසීම සහ පිළිගැන්වීමට ඒ සදහා අනුයුක්ත කර ඇති කාර්ය මණ්ඩලයට විශේෂ පුහුණුවක් ද ලබා දී තිබෙනවා.

මෙහි දී ශ්‍රී ලංකා පෝෂණ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් සම්පාදිත පෝෂණ මාර්ගෝපදේශ කිහිපයක්ද එළිදක්වන ලැබුවා.

Source – Hiru Gossip




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!