BREAKING NEWS
Search

අවංකව වැඩ කරන කිසිදු රජයේ සේවකයෙක් බියවිය යුතු නැහැ – රංග දිසානායක

1002

රාජ්‍ය නිලධාරීන් විසින් සිදුකරන සියලුම ක්‍රියා දූෂණය නැමති වරදට නොගන්නා බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂමේ අධ්‍යක්ෂ ජනරාල් මහාධිකරණ විනිසුරු රංග දිසානායක පවසනවා.

නමුත් රාජ්‍ය නිලධාරීන් විසින් කරන යම් ක්‍රියාවක් චේතනාන්විතව හෝ දැනුවත්ව රජයට පාඩුවක් හෝ වෙනත් අයෙකුට වාසියක් වන බවට දැනුවත්ව සිදුකළහොත් එය දූෂණය නැමති වරදට යටත් වන බව ස්වර්ණවාහිනී නාලීකාවේ රතු ඉර වැඩසටහනට එක්වෙමින් ඔහු සඳහන් කළා.

ඇතැම් අවස්ථාවලදී මහජනතාවගේ යහපත සඳහා ඇතැම් වගන්තිවලින් පිට වැඩ කිරීමට සිදුවන අවස්ථා ඇති බවත් එවැනි අවංක අරමුණකින් කටයුතු කරන රාජ්‍ය නිලධාරීන් බියවිය යුතු නොමැති බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළා.

නමුත් තවත් බියවිය යුතු කොට්ඨාසයක් සිටින බවත් දූෂණ ක්‍රියාවලට තමන්ගේ නිල බලය භාවිතා කළ පිරිස් එලෙස බියට පත්විය යුතු බවත් එවැනි පුද්ගලයින් නිසා පසුගිය කාලයේ රජයට විශාල පාඩු සිදුව ඇති බවයි ල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂමේ අධ්‍යක්ෂ ජනරාල් මහාධිකරණ විනිසුරු රංග දිසානායක වැඩිදුරටත් ප්‍රකාශ කළේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *