BREAKING NEWS
Search

නොරියේගා පැහැර ගැනීමට සමානයි

274

 

ඇමෙරිකාව වෙනිසියුලා ජනාධිපතිවරයා සහ බිරිඳ කුදලාගෙන ඒම, 1989 වසරේ දී පැනමා පාලනය කළ හමුදා නායක කුදලාගෙන ඒමේ සිද්ධියේ යළි සිහිපත් කිරීමක් බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

ඇමෙරිකානු හමුදාව, 1989 දී පැනමාව ආක්‍රමණය කර එරට එනකට බලයේ සිටි මැනුවෙල් නොරියේගා අත්අඩංගුවට ගෙන ඇමෙරිකාවට රැගෙන ඒම කළේය. එදා ඇමෙරිකාවේ ජනාධිපති ලෙස කටයුතු කළේ ජෝර්ජ් එච්.ඩබ්ලිව්. බුෂ් ය. එම මෙහෙයුම සිදුවූයේ බුෂ්ගේ අණ පරිදිය.

නොරියේගාට එරෙහිව මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සහ මුදල් විශුද්ධිකරණය පිළිබඳව ඇමෙරිකානු අධිකරණයකින් චෝදනා එල්ල වී තිබුණි. එමෙන්ම පැනමා ඇළේ ආරක්ෂාව සහ එහි සිටි ඇමෙරිකානුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම එම මෙහෙයුමේ අරමුණ යැයි එදා ජනාධිපති බුෂ් පැහැදිලි කර දුන්නේය




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!