හොරණ පොලිස් වසමේ පෝරුවදණ්ඩ ප්‍රදේශයේ නිවසක් තුළ සිදුවූ මාරාන්තික පහරදීමක් හේතුවෙන් 32 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඊයේ උදෑසන මෙම සිද්ධිය පිළිබඳ ලද තොරතුරක් අනුව හොරණ පොලීසිය විමර්ශන ආරම්භ කර ඇති අතර, මරණකරු එම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හඳුනාගෙන ඇත.
පොලිස් විමර්ශන අනුව, මරණකරු අසල පිහිටි නිවසකට ගොස් දොර ජනෙල්වලට පහර දීමෙන් ආරවුලක් ඇතිකරගෙන ඇත. එම අවස්ථාවේ එම නිවසේ සිටි කාන්තාව විසින් සිද්ධිය පිළිබඳ මරණකරුගේ බිරිඳට දැනුම් දී තිබේ.
ඉන් අනතුරුව බිරිඳ එම ස්ථානයට පැමිණ, අදාළ කාන්තාව සමඟ එක්ව මරණකරුට ඉදලකින් පහර දී ඇති බව මේ වනවිට අනාවරණය වී ඇත.
සිද්ධියට සම්බන්ධ සැකකාර කාන්තාවන් දෙදෙනා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, හොරණ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.(Ape Rata)







