අලුයම සිදුවූ අනතුරේන් සුමේධ ඇතාගේ දකුණු දලය ගැලවී මාර්ගයේ වැටි තිබූ අතර ඇතා සෙවිමේ මෙහෙයුම් මේ වන විටත් ක්රියාත්මකයි. අලුයම අනතුර සිදු වී තිබුනද මෙතෙක් ඇතා සොයාගැනීමට නොහැකි විම ගැන බොහොමයක් දෙනා චොදනා කරනු ලබනවා.
මෙම අනතුර සිදුව ඇත්තේ හබරණ හා මරදන්කඩවල මාර්ගයේ ඇති ප්රධාන අලි මංකඩකය. රිටිගල රක්ෂිතයේ සිට රාත්රී කාලයට මාර්ගය හරහා මාරු වී කැකිරාව /හොරිවිල / පලුගස්වැව යන ප්රදේශ වල සැරිසරණ වන අලි මෙම අලිමන්කඩ භාවිතා කරනු ලබනවා. ඒ ආකරයට අලුයම් කාලයේ එම අලි රංචු නැවත් රිටිගල රක්ෂිතයට පැමිනෙනවා.
මාරගයේ සිට මීටර් 500ක් පමණ දුරකින් රක්ෂිතය ආරම්භ වනවා. ඇතා අනතුර සිදු වීමෙන් අනතුරුව වේගයෙන් දිව ගොස් 30-40m පමණ දුරක නැවති ඇගට පස් ගසාගෙන තිබෙනවා. මෙම මෙහෙයුමට එක්ව සිටින රිටිගල හා ගනේවල්පොල වනජීවි නිළදාරීන්ට එය සනාත වූයේ එම ස්තානයේ ගිනිසීරියා පදුරක් එක් කොළයක් ලේ බිංදුවක් තැවරී තිබීමෙනි. ඒ හැරුණුකොට සිදුවීම සිදු වූ ස්තානයේ සිට 10m. පමණ දුරකින් ලේ බින්දු කිහිපයක් ගස් අතුවල තැවරී තිබුනත් වෙන කිසිම ස්තානයකින් ලේ තැවරීම් හමු වූයේ නැත.
පසුව තවදුරටත් අඩි සලකුණු ඔස්සෙ 400mක් පමණ ඉදිරියට යන විට රිටිගල රක්ෂිතය ආරම්භ විය. අවාසනාවකට එතැනින් ඉදිරියට යන් විට වෙනත් වන අලින්ගේ අඩි සටහන් විශාල ප්රමණයක් එක්ම මගේ හමූ වු අතර , ලේ තැවරීම් ද දක්නට ලැබුනේ නැත. නමුත් එම වනජීවි කණ්ඩායම් රක්ෂිතයේ තුල සවස් කාලය වන තුරු රැදී සොයාබැලීම සිදු කරණු ලැබූවා.
පසුව සවස් කාලැයේ දී “ඩ්රෝන කැමරාද” යොදගෙන ඒ අවට ජල මූලාශ්ර ආශ්රිතව සොයා බැලීම සිදුකලද වෙනයම් කිසිදු හෝඩුවාවක් සොයාගැනීමට නොහැකි විය.
රක්ෂිතයේ ඇති ඝන වනාන්තරය ස්භාවයත් විශාලත්වයත් මෙන්ම පසුගිය දින කිහිපය තුල ඇදහැලුනු වර්ශාව හේතුවෙන් රක්ෂිතය තුල ඇති කුඩා ජල මූලාශ්ර පිරි පැවතීමත් යන කාරණා හේතුවෙන් ඒම ජල මූලශ්ර ආසන්නයේ ඇතා හා අනෙකුත් වන අලි දහවල් කාලය ගත කරන්නට ඇති බවට සැක සිතිය හැක.
තවද වන් අලි 100ට ආසන්න එම් රක්ෂිතය තුල සිටිය හැකි බවද සනාත වන කරුණු හමුවිය. ඒ හේතු කාරන නිසාවෙන් ඇතා සෙවීමේ කටයුතු තරමක් අසීරු වී තිබෙනවා.
නමුත් වනජීවි නිළදාරීන් මේ වන විට ඒ අවට ඇති ගොවිබිම වල රත්රී කාලයේ පැල් රකින ගොවි මහතුන් දැනුවත් කර ඇතා පිලිබදව අවදානය යොමුකර තිබෙනවා. එමෙන්ම රාත්රී 10 වන විටත් ඒ ආසන්නයේ ඇති අලි මංකඩවල් වල මුර සංචාරය කරමින් ඇතා සෙවීමේ මෙහෙයුමේ වනජීවි නිළදාරීන් යෙදී සිටිනවා.




උපුටා ගැනීමකි.