ජුලි මාසය සඳහා ජුනි 30 තෙල් මිල තීරණය කරන්නේ ජුනි මාසයේ තෙල් මිලේ සාමාන්‍යය ගණනය කිරීම මත බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.
ඒ අනුව, අප්‍රේල් හෝ මැයි මාසවල තෙල් මිලට මිල සූත්‍රයේ මිල ගණනය සිදු නොකරන බවයි ඔහු පවසන්නේ.
ජූනි මාසයේ මුල සිට ලෝක වෙළඳපොළේ තෙල් මිලෙහි යම් වැඩිවීමක් තිබුණු බවත්, ඒ අනුව අවසන් සති දෙක තුළ මෙරටට ආනයනය කළ තෙල්වල මිලෙහිද වැඩිවීමක් තිබුණු බවයි අද (02) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ.
ජූලි මාසය අවසානයේදී මිල සූත්‍රය අනුව ගණනය කිරීම් සිදු කරද්දී, ජුනි මාසයේ තෙල් මිල වැඩි වුවත් ජූලි මාසයේ තෙල් මිල අඩුවී ඇත්නම්, අගෝස්තු මාසයේදී ජනතාවට වාසියක් ලැබෙන බවද අමාත්‍යවරයා සඳහන් කළා.
මිල සූත්‍රයක් අනුව කටයුතු කරන විට උච්චාවචනයන්ට මුහුණදීමට සිදුවන බවයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.
Esana







