BREAKING NEWS
Search

තෙල්වලින් කොමිස් ගහපු කෙනා ගෙදර ගියාට, කොමිස් එකේ බලපෑම තව ටික කාලයක් තියෙනවා – නලින්ද

670

තෙල් මිල වැඩිවීම සම්බන්ධව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සිය හඩ මෙසේ අවධි කරා

” මීට වඩා සාධාරණයක් ජනතාවට කරන්න පුළුවන් අපිට, ඇත්තටම තෙල් සංස්ථාවට ණය ගෙවන්න තිබ්බේ නැත්නම් සහ පසුගිය කාලයේ වංචා සිදුවෙලා තිබුනේ නැත්නම්. පහුගිය ආණ්ඩුව කරපුවා ඒ ඇමතිවරු ගෙදර ගිය පමණින් අවසන් වෙන්නෑ – පාඩුව ඉස්සරහට එනවා.

ඒවත් ගණන් හදමින් තමයි, ජනතාව මත අවම වශයෙන් බර පටවමින් මේ ගමන අපි ගමන් කරමින් ඉන්නේ. ඔබට පේනවා ඇති, පහුගිය මාස හතකට ආසන්න කාලය තුළදී අපි තෙල්වල මිල අඩු කිරීමක් කරන්න පුළුවන් හැම වෙලාවෙම කළා. අපි දැනෙන වෙනසක් ලබාදෙන්න පුළුවන් හැම වෙලාවෙම ලබාදීලා තිබෙනවා. නමුත්, සමහර අපට පාලනය කළ නොහැකි කාරණා මත සහ යම් සූත්‍රයක් අනුව අපි කටයුතු කරන නිසා මේ වෙලාවේදී යම් වැඩිවීමක් කරන්න අපිට සිද්ධ වුණා.

තෙල් මිලදී ගැනීමේදී ඒ කාලෙදී එච්චර ප්‍රමාණයක් margin තියා ගත්තේ නැත්තම්, අපිට මීට වඩා අඩු මිලට ජනතාවට තෙල් දෙන්න තිබුණා. ඒ නිසා මතක තියාගන්න – කොමිස් ගහපු කෙනා ගෙදර ගියාට, කොමිස් එකේ බලපෑම තව ටික කාලයක් තියෙනවා.”




Leave a Reply

Your email address will not be published. Required fields are marked *