BREAKING NEWS
Search

ඉන්දුස් ජල ගිවිසුම කඩ කලොත් ආයෙමත් පැටලෙන බවට පකිස්තානයෙන් ඉන්දියාවට රතු එළියක්.

341

ඉන්දුස් ජල ගිවිසුම උල්ලංඝනය කරමින් ඉන්දුස් ගඟේ සිදු කරන ඕනෑම ආකාරයේ ඉදිකිරිමකට එරෙහිව ප්‍රහාර දියත් කිරීමට සුදානම් බවට පකිස්ථාන ආරක්ෂක අමාත්‍ය කවාජා අසීෆ් අනතුරු අඟවා තිබේ.

ඔහු සඳහන් කළේ ගිවිසුම උල්ලංඝනය කරමින් ඉන්දියාව ඉන්දුස් ගංගාව ආශ්‍රිතව කිසියම් ව්‍යුහයක් ඉදිකරන්නේ නම් එය ඉන්දියානු ආක්‍රමණයක් ලෙස සලකා කටයුතු කරන බවයි.

ඒ අනුව ඉන්දියාවට එම ගිවිසුම උල්ලංඝන කිරිම පහසු නොවන බව පකිස්ථාන ආරක්ෂක අමාත්‍යවරයා පවසයි.

කාශ්මිරයේ පහලගම් ප්‍රදේශයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයත් සමඟ ඉන්දියාව හා පකිස්ථානය අතර ගැටුම් උත්සන්න විය.

ඒ හේතුවෙන් ඉන්දියාව විසින් දෙරට අතර ජලය බෙදා ගැනීම පාලනය කිරිමට 1960 වසරේ ගිවිසුම් ගත වු ඉන්දුස් ජල ගිවිසුම අත්හිටුවීමට පියවර ගත්තේ ය.

NewsFirst




Leave a Reply

Your email address will not be published. Required fields are marked *