BREAKING NEWS
Search

ජීවිත අවදානමේ පසුවෙන අබලන් වූ වතු නිවාස නිරීක්ෂණයට ගිය යටියන්තොට ප්‍රා.ලේකම්තුමියට පොහොට්ටු සජප අපේක්ෂකයින්ගේ දැඩි විරෝධය

1979

යටියන්තොට ප්‍රාදේශීය සභාවට අයත් ඉංගිරියාවත්ත ප්‍රදේශයේ ජන ජීවිතය පවා අවදානම් තත්ත්වයක පසුවෙන අබලන් වූ වතු නිවාස වල අඩුපාඩු සොයා බැලීමට ගිය යටියන්තොට ප්‍රාදේශීය ලේකම්තුමියට එම ප්‍රදේශයේ සජබ පොහොට්ටු ජන්ද අපේක්ෂකයින් දෙදෙනාගෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබෙනවා.

තැලිගම,ඉංගිරියාවත්ත,දමිල ප්‍රජාව ජීවත් වන පේලි නිවාස මීට බොහො කලක සිට දැඩි ලෙස අබලන්ව පවතින බව විවිධ අවස්ථාවල,විවිධ අයුරින් විවිධ ආයතන දැනුවත් කර ඇති නමුත් කිසිම අවස්ථාවක ඔවුන්ට ඊට සුදුසු විසදුමක් ලැබී තිබුනේ නැත.

මේ දිනවල පවතින අයහපත් කාලගුණ තත්වය යටතේ මෙහි ජීවිත ගෙවන අහිංසක මිනිසුන්ගේ ජන ජීවිතයට හදිසි ආපදාවකට ලක්විය හැකි බැවින් ඒ ගැන සොයා බැලීමට 2025/05/04 වන දින ප්‍රදේශයේ වගකිව යුතු ප්‍රධාන රාජ්‍ය නිලධාරියා වන යටියන්තොට ප්‍රාදේශීය ලේකම් තුමිය ස්ථානීය පරික්ෂණයක් කිරීමට ඒ ස්ථානයට පැමිණි අවස්ථාවේ ප්‍රදේශයේ දේශපාලන පක්ෂ දෙකක ප්‍රාදේශීය සභා අපේක්ෂකයින් හා සාමාජිකයින් කීප දෙනෙක් එක්ව එතුමියට දැඩි විරෝධතාවයක් දක්වා ඇත.

ඔවුන් ඒ අවස්ථාවේ දුරකතන මගින් එම සිද්ධිය වීඩියෝ ගතකරගෙන පසුව හිරු නිවුස් හරහා ප්‍රචාරය කර ඇත්තේ ප්‍රදේශ වාසීන් විරෝධතාවය දැක්වූ බවට වැරදි අර්ථකතනයක් ලබාදෙමින්ය,

එම දමිල ජනතාව පවසන පරිදි දැන් පරම්පරා කීපයක් වසර 200 කටත් අධික කාලයක් ජීවත් වන මෙම පේලි නිවාස සංකීර්ණය මේ වන විට කඩාගෙන වැටෙන තත්වයට පත්ව ඇති හෙයින් ඒ සඳහා කඩිනම් විසදුමක් ගතයුතුව ඇති පසුබිමක දේශපාලනික පැවැත්ම වෙනුවෙන් මෙවැනි නොමනා ක්‍රියාවන් කිරීමත්,එම ක්‍රියා වැරදි ආකාරයට සමාජ කිරීමත් පිළිකුලෙන් හෙලාදකින බවයි, එසේම හිරු නාලිකාව විසින් ප්‍රචාරය කරන ලද පුවතේ සඳහන් වීඩියෝ පටයේ විරෝධතාවය දක්වන්නේ සමස්ත ප්‍රාදේශවාසීන් නොවන බවත් ඒ මොහොතේ එම ස්ථානයට පැමිණි දේශපාලන පක්ෂ නියෝජිතයන් බවත් ඔවුන් අපට දන්වා සිටින ලදි.

මෙලෙස දැඩි ලෙස ජීවිත අවධාමක පසුවන අවස්ථාවක මෙවැනි අවස්ථාවාදී ක්‍රියා සිදුකල අය ඔවුන්ගේ ජීවිත වලට යම් හානියක් සිදුවුව හොත් වගකීම බාරගත යතු බවද ඔවුන් ප්‍රකාශ කරයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *