BREAKING NEWS
Search

ඇමති වසන්ත වැඩ පෙන්නයි.. පොල් මාෆියාව හාන්සියි – බෑයක මිලට පොල් ගෙඩියක් වෙලදපලට..!

28

සතොස හරහා රුපියල් 130ක පොල් ගෙඩියක් ලබා දීමේ වැඩපිළිවෙළක් සකස් කළ බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.

ඊට අදාල රජයේ ආයතන කැඳවා උපදෙස් දුන් බවත් අද පාර්ලිමේන්තුව අමතමින් ඒ මහතා පැවසුවේය.

රජයේ වතුවල පොල් වෙන්දේසි සතොස මගින් ජනතාවට අලෙවි කිරීමට කටයුතු කරන බවත් හෙතෙම සදහන් කරයි.

පාරිභෝගිකයන් කොල්ලකෑම වළක්වමින් වෙළඳපොලේ පොල් සුලබතාව ඇති කරන බව ද ඇමති සමරසිංහ තව දුරටත් කියා සිටියේය.

ඇති වී තිබෙන පොල් හිගය මත ඇතැම් ප්‍රදේශවල පොල් බෑයක් රුපියල් 100-120 ත් අතර මිලකට අලෙවි කරමින් ඇති අතර පොල් ගෙඩියක් රුපියල් 200 සීමාවේ පවතී.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *