BREAKING NEWS
Search

ඖෂධ වර්ග 350ක මිල අඩු කලා.. දැනුවත් කරන්න APP එකක් හදනවා..- රජය

534

 

ළමා රෝග, පිළිකා, දියවැඩියාව, අධි රුධිර පීඩනය ඇතුළු විවිධ රෝග රැසක් සඳහා ලබාදෙන ඖෂධ වර්ග තුන්සිය පනහක මිල අඩුකර ඇති බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා අවධාරණය කරයි.

සභාපතිවරයා මේ බව අවධාරණය කර සිටියේ ඒ පිළිබදව ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තු ශ්‍රවණාගාරයේ දී පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ය.

2015 අංක 5 දරණ ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත අනුව ඖෂධ සඳහා වන මිල නියාමනය කිරීමේ බලය එම අධිකාරිය සතුව පවතින බවත්, එම නියාමන කටයුතු 2016 වසරේ සිට සිදුකළ නමුත් 2023 වසරේ ඖෂධ ගෙන්වීමේ සමාගම් එකතුවකින් පවරන ලද නඩුවකට අධිකරණය ලබා දුන් අතුරු තහනම් නියෝගයක් හේතුවෙන් 2023 වර්ෂයේ දෙසැම්බර් මස සිට මිල නියාමන කටයුතු නැවැත්වීමට සිදු වු බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා මෙහි දී පැවසීය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් නව ගැසට් පත්‍රයක් නිකුත් කළ බවත්,පසුව එය පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර අනුමත කරගත් බවත්, ඉන්පසු මිල ප්‍රකාශයට පත්කල බව ද අවධාරණය කල සභාපතිවරයා මේ පිළිබදව සැපයුම්කරුවන්ට, ආනයනකරුවන්ට,නිෂ්පාදකයින්ට දැනුම් දීම් සිදුකර තිබෙන බව ද පැවසීය.

මෙම මිළ අඩුකිරීම මගින් ජනතාවට සාධාරණ මෙන්ම නියමිත මිලකට ඖෂධ ලබා ගැනීමේ අවස්ථාව උදාවන බවත්, මින්පසු වැඩි මිලට ඖෂධ විකුණන ආයතන පිළිබව දැනුවත් කිරීමට පියවර ගන්නා මෙන් ද ඒ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටියේය.

මෙහි දී ඖෂධ වර්ග කිහිපයක වත්මන් මිල සහ අඩුකරන ලද මිල පිලිබදව ද ඒ මහතා මෙහි දී දීර්ඝව කරුණු පෙන්වා දෙන ලදී.

ජාතික ඖෂධ නියාමන අධිකාරිය මගින් මේ පිළිබදව ජනතාව දැනුවත් කටයුතු කරන බවත්, ඒ වෙනුවෙන්ම සැකසූ විශේෂ APP එකක් කඩිනමින් ජනගත කිරීමට කටයුතුකරන බවද වැඩිදුරටත් ඒ මහතා මෙහි දී පැවසීය.

Source – Lanka C News




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!