BREAKING NEWS
Search

කතානායකගේ නිල කාමරයට නයෙක් පනී… පාර්ලිමේන්තුවේ කලබලයන්…

1607

 

ඊයේ (18) දින පාර්ලිමේන්තුවේ කතානායක ජගත් වික්‍රමරත්න මහතාගේ කාර්යාලය ආසන්නයේ උණුසුම්කාරී තත්ත්වයක් ඇති විය.

මෙයට හේතුව වූයේ නාගයෙක් එම පරිශ්‍රයට ඇතුළු වීමට තැත් කිරීමයි. කාර්යාල සේවකයන් විසින් මෙම සත්ත්වයා මුලින්ම දැක ඇත්තේ, කතානායකවරයාගේ ආහාර ගැනීමේ ස්ථානයට සම්බන්ධ ජනේලයක් තුළින් ඇතුළුවීමට උත්සාහ කරද්දීය.

සිද්ධිය සැලවීමෙන් පසු, පාර්ලිමේන්තුවේ සත්ත්ව පාලනය හා උද්‍යාන අංශයේ නිලධාරියෙකු විසින් ක්ෂණිකව ක්‍රියාත්මක වී එම නයා ආරක්ෂිතව එම ස්ථානයෙන් පිටතට ගෙන ගොස් ඇති බව වාර්තා වේ.

දිගු කලක සිට දියවන්නා ඔය ආශ්‍රිතව පිහිටි පාර්ලිමේන්තු පරිශ්‍රයට නයින් ඇතුළු විවිධ සර්ප විශේෂයන් නිරන්තරයෙන් ඇතුළු වීම සිදු වේ.

මේ ආකාරයට පසුගිය කාලය තුළ විසිදෙනෙකුට ආසන්න සර්පයන් සංඛ්‍යාවක් උද්‍යාන අංශයේ නිලධාරීන් විසින් අවදානමකින් තොරව පරිශ්‍රයෙන් ඉවත් කර තිබේ.

Source – Lanka C News




Leave a Reply

Your email address will not be published. Required fields are marked *