පාස්ටර් ජෙරම්ගේ සභාවට අයිති නාවලපිටිය මීපිටිය ප්‍රදේශයේ ඉඩමක ප්‍රාදේශීය සභාවේ අනුමැතිය යටතේ, තාප්පයක් ඉඳිකිරීමට සූදානම් වෙමින් සිටි ගම්වාසීන් පිරිසකට භික්ෂුන් වහන්සේ නමක් කැටුව ආ පිරිසකගෙන් මරණිය තර්ජන එල්ල වී ඇතැයි වාර්තාවේ.
ඒ අතර සිටි එක් පුද්ගලයකු “මරණ එක මරණවාමයි” කියමින් තර්ජනය කරන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ සැරිසරයි.
ගම්වාසීන් පවසන්නේ තමන් ආණ්ඩුවේද පොලීසියේ ද අනුමැතිය ඇතිව මෙසේ තර්ජනය කරන බවට ඔහු පුරසාරම් දෙඩූ බවයි.
නාවලපිටිය මීපිටිය අශෝකාරාම විහාරාධිපති හිමියන් සහ ප්‍රදේශවාසීන් පිරිසක් එම විරෝධාතාවට එක්ව සිටි බව ‘නෙත් නිවුස්’ වාර්තාකර තිබේ.
අදාළ ආරක්ෂිත බැම්ම සහ ගේට්ටුව ඉදිකිරීමට අවශ්‍ය සිමෙන්ති, ගල් සහ කළුගල් ආදී අමුද්‍රව්‍ය ගෙන එන අවස්ථාවේදී ඔවුන් එලෙස විරෝධය පළ කර ඇත
The Leader
https://www.facebook.com/watch/?v=1593294041366530