BREAKING NEWS
Search

මාලිමා ආන්ඩුව විසින් බොහෝ දේ දැනටමත් කරලා තියෙනවා

40

මාලිමා ආන්ඩුව විසින් බොහෝ දේ දැනටමත් කරලා තියෙනවා කියන එකයි මගේ පිලිගැනීම.

IMF කියන බිල්ලා ගැන කතාව ලංකාවෙන් අවසන් කලේ මාලිමා ආන්ඩුව මේ මාස දෙකක කාලෙන්.

පෝර්ට් සිටියෙන් චීන කොලනි ඇතිවීම, ත්‍රිකුනාමල තෙල් ටැංකි ඉන්දියාවට විකිනීම, සාම්පූර් බලාගාරය, ඉන්දියාව සහ චීනය සමග ගිවිසුම් ආදී සියල්ල රටට සුබදායී දේවල් බවට පත් කලේ මාලිමා ආන්ඩුවයි.

මෙතෙක් කිසිම ආන්ඩුවකට විශාල ජනතා කැමැත්තක් සහිතව මේ දේවල් කරන්න බැරි වුනා.

මාලිමා ආන්ඩුවක් පත්වීම ඉතා ප්‍රගතිශීලීයි කියල මං විශ්වාස කරන්නෙ මෙතෙක් කරගත නොහැකිව තිබුනු බොහොමයක් රටට අවශ්‍ය ධනේශ්වර ප්‍රතිසංස්කරණ වමේ මාලිමා රජය විසින් ඉටු කරන නිසයි.

හැමදාම ඒවාට විරුද්ධව ජනතාව පාරට බැස්සවූ පක්ෂයක් විසින්ම ඒ දේවල් සිදු කිරීම තරම් දේශපාලන සංස්කෘතියේ වෙනසක් මේ රටේ අවුරුදු 76ට සිදු වී නැති බව ඇත්තක්.

ඒ ඇත්ත අපි නිහතමානීව පිලිගන්න ඕන.

සටහන | චින්තන ධර්මදාස
දේශපාලන හා සමාජ විශ්ලේෂක




Leave a Reply

Your email address will not be published. Required fields are marked *