‘දැන් මොනවද පොහොට්ටුවත් එක්කත් ගිහිල්ලා, UNP එක්කත් ගිහිල්ලා, සජබෙත් එක්කත් ගිහිල්ලා. තොණ්ඩමනුත් එක්කත් ගිහිල්ලා, රිෂාඩ් බදියුදීන්ලත් එක්කත් ගිහිල්ලා, රවුෆ් හකීම්ලත් – දැන් නොගිය තැනක් නෑ…අද දැන් කියන්න බෑනේ ඒ කට්ටිය හොරුයි කියලා. එහෙම නම් ඒගොල්ලෝ හොරෙක් එක්ක එක්කහු වුනාම, ඒ හොරා හොඳයි…
එයා පිරිසිදු වෙනවා එක පාරට. නැති කට්ටිය අපිරිසිදු වෙනවා. මේ වගේ දේශපාලන බොළඳ තර්ක වලට මේ රටේ ජනතාව තවදුරටත් රැවටෙන්න තරම් ජනතාවක් නැහැ. ඉතින් ඔවුන් ඔවුන්ම විසින් කතා කරපු පාරිශුද්ධත්වයක් අද නැති කරගෙන තියෙනවා. එක අතකින් ඒකත් විපක්ෂයේ ජයග්‍රහණයක්. ඒගොල්ලොනේ කියන්නේ මෙයා හොරා – අරයා හොරා. දැන් එදා කිව්වේ ‘ඔක්කොම 225ම හොරු. මේ සියලු පක්ෂවල ඉන්න ඔක්කොම හොරු!’. දැන් ඉතින් ඒ හොරුත් එක්ක එක්කහු වෙලා තියෙනවානේ. දැන් ඒගොල්ලන්ගෙන්ම අහන්න ඕනේ අර්ථකථනය කොහොමද? දැන් හොරු අර්ථකථනය කරන්නේ කොහොමද කියලා.
ආණ්ඩුවක් හරි, මොකකට හරි එක්කහු වෙන්න ඕනේ රටක් හදන්න පුළුවන් නම්.
මේ රට විනාශය කරා යනවනේ. මේ රට ඇත්තටම දැවැන්ත විනාශයකින්, බංකොලොත්භාවයෙන් බේරාගත්ත එක්කෙනා තමයි රනිල් වික්‍රමසිංහ.
හෙට දවසටත් මේ රට බේරා ගැනීමට තිබෙන එකම නායකත්වය රනිල් වික්‍රමසිංහ මම දන්න හැටියට.’
යනුවෙන් රාජිත සේනාරත්න මහතා කියා සිටියා