BREAKING NEWS
Search

ලොකු තැන රු 37,000 යනවා කියපු වැඩේට මගෙන් සල්ලි ගත්තේ රුපියල් 500ක් – කුහක කපටි මිනිසුන් අතරින් පිනට උපන් කොල්ලෙක්..!

96

මට දැන් සුමානෙකට විතර කලින් උණ සිද්ධියක් මේක මගේ වාහනේ මීගමුවෙදි එක පාරටම A/C එක වැඩ නැතුව ගියා මටත් හිතාගන්න බැරි උනා එකපාරටම මොකද උනේ කියලා මම දන්න දෙවල් ඔක්කොම කරලා බැලුවා හරි ගියේ නෑ.

පස්සේ මම තිරනය කලා වාහනය A/C service කරන තැනකට පෙන්වන්න මම මීගමුවේ තැනකට ගියා නම සදහන් නොකර ඉන්නම් එතනින් මට කීවේ මෙහෙම කතාවක්

“මල්ලි මේක ගලවන්න වෙනවා සම්පුර්ණ සර්විස් එකක් කරලා තමයි ලෙඩෙ හොයගන්න වෙන්නේ රුපියල් 20,000විතර යයි කුලර් එක ගිහින් වගේ තියෙන්නේ මට පේන විදියට කුලර් එක දාන්න උනොත් 17,000විතර යයි”

කියලා මට තරු පෙනුනා මගේ අතේ එ වෙලාවේ සල්ලි එච්චර තිබුනෙත් නෑ . පස්සේ මම නිකමට වගේ සසිකට කතා කලා මම විස්තරේ කීවා සසික කිවා ගෙනාවොත් බලාගන්න පුලුවන් කියලා.

මම කටුනායකින් හයි වේ දාලා කෙලින්ම ගියා දෙල්කද සසිකගේ වැඩ පොලට මම යනකොටත් සසික ගොඩක් කාර්ය බහුලයි එත් ටිකවෙලාවකින් ඇවිත් වාහනේ බොනට් එක ඇරල බලන් ඉඳලා මට කීවා ස්ටාර්ට් කරන්න කියලා පස්සේ එන්ජින් එක ඔෆ් කරන්න කියලා පියුස් පෙට්ටිය ඇරලා පියුස් එකක් මාරු කරලා ස්ටාර්ට් කරලා A/C එක ඔන් කලාම මේන්න අගේට එක වැඩ කලා.

මගේ හිතට පුදුම සතුටක් දැනුනේ.  විනාඩි 15ක් වත් ගියේ නෑ වැඩෙට මම ඇහුවා මොකක්ද සසික වෙලා තිබුනේ කියලා.

සසික කීවේ පියුස් එකක් බුරුල් වෙලාලු එක දැම්මාම හරි ගියා කියලා මගෙන් සල්ලි ගත්තේ රුපියල් 500ක්. පියුස් එකට විතරයි.

රු 37,000 යනවා කියපු වැඩේ කුහක කපටි මිනිසුන් අතරින් පිනට උපන් උඹ වගේ කොල්ලෙකුට තව තවත් වැඩියෙන් දියුනු වෙන්න ලැබේවා. ලස්සන හදවතක් තියෙන ආදරනිය කොල්ලෙක් මචං උබ .

මේ නම්බර් එක සසිකගේ 0779082435 ඉන්නේ නුගේගොඩ දෙල්කද.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *