BREAKING NEWS
Search

රාජ්‍ය පරිපාලන ඇමති සිය ‘මහාචාර්ය’ පට්ටම ගලවයි..!

109

ඉදිරි රාජකාරි කටයුතුවලදී රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන ඇමැතිවරයාගේ නම ආචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්න ලෙස යොදා ගන්නා ලෙස අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (අ/පාලන) විසින් සියලුම ආයතන ප්‍රධානීන් සහ අංශ ප්‍රධානීන්ට ලිඛිතව දැනුම්දී ඇත.

චන්දන අබයරත්න ඇමැතිවරයාගේ නම මීට පෙර භාවිත කරනු ලැබුවේ මහාචාර්ය පදවිය ද සහිතවය.

එම අමාත්‍යාංශයේ වෙබ් අඩවියේද ඇමැතිවරයාගේ නම සඳහන් කර ඇත්තේ මහාචාර්ය චන්දන අබයරත්න ලෙසය.

ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයා විසින් ඊයේ (16 වැනිදා) නිකුත් කරන ලද LAD/EST/GA20/MIN/001 අංක දරන ලිපිය මගින් සඳහන් කර ඇත්තේ ඇමැතිවරයාගේ නම ආචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්න ලෙස යොදා ගන්නා ලෙසය.

අරුණ




Leave a Reply

Your email address will not be published. Required fields are marked *