BREAKING NEWS
Search

මිල වැඩි නිසා වාහන ගන්න උනන්දුව අඩුයි – LC විවෘත කර ඇත්තේ ඩොලර් මිලියන 82කයි..!

153

වාහන ආනයන සීමා ඉවත් කළද මිල අධික වීම හේතුවෙන් වාහන මිලට ගැනීමේ වැඩි උනන්දුවක් නොපෙනෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා සඳහන් කරයි.

ලක්ෂ දොළහකට මෝටර් රථයක් ගෙනෙන බව කීවද දැන් යතුරු පැදියක්ද රුපියල් ලක්ෂ දොළහක මිලක් දක්වා ඉහළ ගොස් ඇති බවත් හෙතෙම පෙන්වා දෙයි.

ඔහු පෙන්වා දෙන්නේ මේ වන විටත් විදේශයන්ගෙන් වාහන ආනයනය සඳහා ණයවර විවෘත කර ඇත්තේ ඩොලර් මිලියන 82 ක ප්‍රමාණයක පමණක් බවය.

වාහන ආනයනය සඳහා රුපියල් ඩොලර් බිලියනයක් වෙන් කර තිබියදී දැනට ණයවර ලිපි විවෘත කර ඇත්තේ ඉන් සියයට අටක පමණ ප්‍රමාණයක් වීම සැලකිය යුතු කාරණාවක් බවද හෙතෙම පාර්ලිමේන්තුව අමතමින් කියා සිටියේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!