BREAKING NEWS
Search

ආපදාවට ලක් වූ ප්‍රදේශවල පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කරන වෙළෙඳුන්ට දැඩි දඬුවම්.

279

 

අයහපත් කාලගුණයෙන් ආපදාවට ලක්වු ප්‍රදේශවල මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය අලෙවි කරනු ලබන වෙළෙඳුන්ට එරෙහිව දැඩි දඬුවම් ලබා දීමට පියවර ගන්නා බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

යම් කිසි ස්ථානයක මෙවැනි ආකාරයේ කටයුක්තක් සිදු වන්නේ නම් වහාම එම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා දැනුවත් කරන ලෙස ඉල්ලීමක් කරන බව එහි සභාපති ප්‍රදීප් බොරලැස්ස මහතා සඳහන් කළේය.

මේ අතර මන්නාරම දිස්ත්‍රික්කය තුළ සතියක කාලයක් සඳහා ගවමස්, එළුමස්, ඌරුමස් විකිණීම පිණිස ගබඩා කර තබා ගැනීම සහ මස් පිණිස සතුන් ඝාතනය කිරීම තහනම් කර ඇති බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

එමෙන්ම අයහපත් කාලගුණයෙන් බලපෑමට ලක්වු ප්‍රදේශවල වසංගත සහ බෝවන රෝග මැඩපැවැත්වීම සඳහා ක්‍රියාමාර්ග ගන්නා බව ද ප්‍රදීප් බොරලැස්ස මහතා පැවසුවේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!