BREAKING NEWS
Search

අනුරලා තුච්ඡ නිහීන විදියට සියල්ල පවා දුන්නා.මොරගොඩයි,රනිලුයි පිටිපස්සේ – දයාන් ජයතිලක

456

අනුර කුමාර ජනාධිපති ඇතුළු මාලිමා ආණ්ඩුව නරක නිහීන ලෙස ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වය ඉන්දියාවට පවා දී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු නිත්‍ය නියෝජිත දයාන් ජයතිලක මහතා පවසයි.

අන්තර්ජාල නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පෙන්වා දී තිබෙන්නේ පසුගියදා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර සිං මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර ඇතිකරගත් එකඟතා ගිවිසුම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය මේ දක්වාම කිසිදු ආකාරයකින් නිල ප්‍රකාශයක් සිදුකර නොමැති බවය.

නමුත් වාර්තා වන අන්දමට අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව බරපතළ ලෙස ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය අභියෝගයට ලක් කරමින් ගිවිසුම් කිහිපයකට එළැඹී ඇති බවද ඔහු සඳහන් කරයි.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ මූලිකත්වය යටතේ ක්‍රියාවට නංවා ඇති අඛණ්ඩ් භාරත් ව්‍යාපෘතියට ලංකාවද ඈඳාගෙන ඇති බවත් ඇතිකරගත් ගිවිසුම් අනුව ඉන්දියානු බර අවි කම්හල් ගබඩා සහ හමුදා සෙබළුන් මෙරට ස්ථාපිත කිරීමේ සූදානමක් ඇති බවත් ඔහු මෙම සම්මුඛ සාකච්ඡාවේදී වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

 

Source : Lanka C News




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!