BREAKING NEWS
Search

ජනාධිපතිකමයි, තුනෙන් දෙකයි අරන් දැනෙන්න කලේ හොදට පච කිවුව එක විතරයි – දුමින්ද දිසානායක

66

එළඹෙන මැයි 06 වැනිදාට බොරු කියූ අයට පාඩමක් ඉගැන්වීමට ගම්වල ජනතාව සූදානමින් සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක පවසයි.

මැතිවරණ ප්‍රතිඵලයේ ගණන් මිනුම් මේ මොහොතේ නොකියුවද මේ මොහොත වන විට භූමියේ අවශ්‍ය වැඩ කොටස කරමින් සිටින බවයි දිසානායක මහතා සඳහන් කරන්නේ.

කෙසේවෙතත් ගමේ බලය ආණ්ඩුවට ගත නොහැකි බව ඔහු අවධාරණය කරයි.

“ජනාධිපතිකමත් දීලා, තුනෙන් දෙකේ බලයත් දීලා, අද මේ වෙද්දී මොනවා ද කරලා තියෙන්නේ. රටේ දැනෙන දෙයක් කරලා තියෙනවාද? තාමත් බොරු කියන එක ඇරෙන්න වෙන කිසිම දෙයක් අනුර කුමාරලා කරලා නැහැ.තුනෙන් දෙක අරන් කරපු පළමු පත්වීම. ඇයි ඉල්ලා අස්වෙන්න වුණේ. අපි බලකරලා ද? බොරු සහතික ඉදිරිපත් කරලා. එකපාර බොරුයි කියල පිළිගන්නේ නැතුව කොච්චරකල් මේක ඇද්දද? මේ ආණ්ඩුව බොරුවෙන් හදපු ආණ්ඩුවක්. බොරු කියල ගත්ත ජනාධිපතිකමක්. ඒ නිසා ගම බොරු කියල ගන්න අපි ඉඩ දෙන්නේ නැහැ. අපි ඉඩ දෙන්නෙත් නැහැ. විපක්ෂයේ ඉන්න කිසිම පක්ෂයක් ඉඩ දෙන්නෙත් නැහැ. අපි ඉඩ දෙන්න හැදුවත් මේ රටේ මිනිස්සු ඔළුව තියෙන මිනිස්සු සූදානම් නැහැ තුන්වෙනි පාර රැවටෙන්න.” ඒ අනුව ජනතාව නැවත වතාවක් පරණ දේශපාලනය ආරම්භ කරනු ඇතැයි මහ ලේකම්වරයා ප්‍රකාශ කරයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *