BREAKING NEWS
Search

සජබේ අර්බුදයක. සජිත්ගේ ආසන සංවිධායකවරු තුන්දෙනෙක්ම ඉල්ලා අස්වෙයි.

1741

සජබ මාතලේ දිස්ත්‍රික්කයේ ආසන සංවිධායකවරුන් තිදෙනකු ආසන සංවිධායක ධූරවලින් ඉල්ලා අස්වීමට තීරණය කළ බව රත්තොට සජබ ආසන සංවිධායක හිටපු රාජ්‍ය අමාත්‍යය රජිත් අළුවිහාරේ පවසනවා. ඒ අනුව මාතලේ ප්‍රධාන සංවිධායක වසන්ත අලුවිහාරේ දඹුල්ල ප්‍රධාන සංවිධායක චම්පික විජේරත්න, රත්තොට ආසන සංවිධායකවරයා වන රජිත් අළුවිහාරේ යන තිදෙනා සමඟි ජන බලවේගයේ ආසන සංවිධායකධූරවලින් ඉල්ලා අස්වීමේ ලිපි භාරදීමට නියමිත බව ඒ මහතා සඳහන් කළේ.

දිගින් දිගටම පක්ෂය මගින් සිදු කරන ලද විවිධ කෙනෙහිලි කම් නිසා මෙම තීරණය ගත් බවත් තවත් බොහෝ පිරිසක් මේ ආකාරයෙන් තම ආසන සංවිධායක ධූරවලින් ඉල්ලා අස්වීමේ ලිපි භාරදීමට නියමිතව තිබෙන බව රජිත් අළුවිහාරේ මහතා සඳහන් කරණවා.

A5 News Sri Lanka




Leave a Reply

Your email address will not be published. Required fields are marked *